121කින් 120ක් පොසිටිව් -පාදුක්කේ මතුව ඇති තත්ත්වය

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ශ්වසන රෝග ලක්ෂණ සහිත රෝගීන් 121 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයන්ට ලක් කිරීමෙන් පසු ඉන් 120 දෙනෙකු ම කොරෝනා වෛරස ආසාදිතයින් බවට තහවුරු වූ බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දුමිත්‍ර කහඳගම මහතා සඳහන් කරනවා

වැඩිදුරටත් ඔහු සඳහන් කරන්නේ , පසුගිය අගෝස්තු 16 වන දින සිදු කළ මෙම පරීක්ෂණයට අදාළ පිරිසගේ වාර්තා ඊයේ (අගෝස්තු 17) දින ලැබීමෙන් මේ බව අනාවරණය වූ බවයි

උණ රෝග ලක්ෂණ ඇතිව හෝ නොමැතිව ශ්වසන රෝග ලක්ෂණ සහිත වැඩිහිටියන් පී.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයන්ට යොමු විය යුතු බවත් එවැනි රෝග ලක්ෂණ සහිත අය සමාජ වගකීමක් ලෙස සලකා ස්වයං නිරෝධායනය වීම ඉතාමත් සුදුසු බවත් පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කරනවා

අගෝස්තු 16 වන දිනය තුළ පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් ශ්වසන රෝග ලක්ෂණ සහිත රෝගීන් 121 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කරනු ලැබුවා.

ඒ සිදු කරනු ලැබූ PCR පරීක්ෂණ 121න් 120ක් ම කොවිඩ් රෝගීන් බවට තහවුරු වෙලා ඒ වාර්තාව ඊයේ (17) දවසේ අපිට ලැබුණා.

විශේෂයෙන් ම වැඩිහිටියන්ට උණ ඇතිව හෝ නැතිව ශ්වසන රෝග ලක්ෂණ තිබේ නම්, ඒ අය බොහෝදුරට කොවිඩ් රෝගයෙන් පෙළෙන අය විය හැකියි.

ඒ අය PCR පරීක්ෂණ හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු වෙලා රෝග තත්ත්වය තහවුරු කර ගැනීමක් කරගන්නවා වාගේ ම එවැනි රෝග ලක්ෂණ සහිත අය සමාජ වගකීමක් ලෙස සලකා සමාජයෙන් වෙන්වෙලා ස්වයං නිරෝධායනයට ලක්වෙලා නිවසට වී ඉතා ම සුදුසු බව මෙන් ම එවැනි රෝගීන් ඉන්නවා නම් තමන් පිළිබඳ තොරතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට හෝ ප්‍රදේශයේ මහජන පරීක්ෂකට දන්වනවානම් ඉතාමත් යහපත් කටයුත්තක් හැටියට දක්වන්න පුළුවන්.”යැයිද පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දුමිත්‍ර කහඳගම මහතා පවසනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38