කොවිඩ් වසංගතයට මුහුණ දිය හැකි ආකාරය කෙහෙළිය දකින අයුරු

කොවිඩ් වසංගතයට මුහුණදීමට ඇති ක‍්‍රමවේදය වන්නේ එන්නත්කරණය හා සෞඛ්‍ය උපදෙස් මත ජීවත්වීමට උත්සාහ ගැනීම පමණක් යැයි නව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරනවා

ඇමැතිවරයා මේ බැව් පැවසුවේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රට වසා දැමීමට රජය පියවර නොගන්නේ ඇයි කියන තේමාව යටතේ පැවති මාධ්‍ය හමුව වෙත ඊයේ(17) අදහස් දක්වමින්

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කළේ

ලෝකයේ සවිමත් ආර්ථිකයක් ඇති රටවල් පවා කොවිඩ් වසංගතය හමුවේ මුල් අවස්ථාවේදී රට වසා දැමුවා.

නමුත් නැවත රට විවෘත කළ පසු වසංගතයට මුහුණ දීමට සිදුව තිබෙනවා.

එනිසා සති දෙකකට රට වසා දමා යළි විවෘත කළත් මේ වසංගතයට මුහුණ දීමට සිදුවෙනවා.

එහෙනම් අප කළ යුත්තේ කොවිඞ් මර්දන එන්නත් ලබාගෙන නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමයි.

මේ වනවිට ජනතාව තමන්ගේ විනයගරුක බව ඇඟට අරගෙන තියෙනවා.

මේ විදිහට යන්න බැහැ,

අපිත් පරෙස්සම්විය යුතුයි යන හැඟීම ඇතිකරගෙන තිබෙනවා.

  1. hariyata hari. gon bass la wage parata panagena kaeko gahagena duwana panina buruwo nisa anith minissu duk windinawa. Aanduwakata kala haki ihalama adara labaa dunnath minissu saukya pilipath maga harinawanam mona devio aawath wadak na. JVP/SJB harak ralath ekka guru pandithayoth ekathwela wasangathaya pathirewwa. dan rata wahanna kiyala unma berihan denawa. munta prasiddiyak dena maadya karayoth mekata waga kiwa yuthumayi !