මහ බැංකුවේ චක්‍රලේඛණ ක්‍රියාත්මක නොකරයි.. ලීසිං ගත් අය අමාරුවේ

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය.

මහ බැංකුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛණ ක්‍රියාත්මක නොකිරීමෙන් ලීසිං පාරිභෝගිකයා අමාරුවේ.

කොවිඩ් වසංගතයෙන් ජනතාවට පීඩාවට පත්ව ඇති නිසා මහ බැංකුවේ මූල්‍ය පාලන අංශය විසින් ලීසිං පාරිභෝගිකයාට සහනයක් ලබා දීම සදහා මැයි මාසයේදී චක්‍රලේඛණ කිහිපයක් නිකුත් කරන ලදී. එම චක්‍රලේඛණ මගින් 2021 අගෝස්තු 31 දින දක්වා ලීසිං පාරිභෝගිකයින්ගෙන් පමා පොලී අය කිරීම හා වාහන අත්පත්කර ගැනීම නවත ලෙස හා වෙනත් සහන ලබා දීමට කටයතු කරන ලෙස දැනුම්දෙන ලදී. එහෙත් එම චක්‍රලේඛණ උල්ලංඝනය කරමින් බැංකු හා ලීසිං සමාගම් විසින් සිය පාරිභෝගිකියින්ට පමා පොලී ගෙවන ලෙස දන්වා ලිපි නිකුත් කොට ඇත. එසේ ලිපි නිකුත්කලා පමණක් නොව සමහර ලීසිං පාරිභෝගිකයින්ගේ වාහන අත්පත් කරගැනීමටද කටයුතු කර ඇත.

එහෙත් අදාල චක්‍රලේඛණ නිකුත් කරන ලද මහ බැංකුව සිය චක්‍රලේඛණ උල්ලංඝණය කල සමාගම් සදහා කිසිදු නීතිමය පියවරක් ගැනීමට කටයුතු කර නැත. එම නිසා ලීසිං පාරිභෝගිකයා අන්ත අසරණ තත්වයකට පත්ව ඇත. පාරිභෝගිකයින් අසරණව සිටිද්දී හා මහබැංකුවේ චක්‍රලේඛණ සමාගම් විසින් උල්ලංඝනය කරද්දී මහ බැංකුව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අපි දැඩි ලෙස හෙළාදකින අතර අදාල සමාගම් සදහා වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි මහ බැංකුවෙන් ඉල්ලා සිටිමු.

මහ බැංකුවේ නිළධාරීන් නඩත්තු වන්නේ මෙරට ජනතාවගේ බදු මුදලින් වන බවද ඔවුනට උසස් අධ්‍යාපනය ලබාදීම සදහා වැය කර ඇත්තේ මෙරට ජනතාවගේ බදු මුදල් බවද මෙම අවස්ථාවේ මතක් කර සිටින අතර ඒ නිසාම මහ බැංකුවේ නිළධාරීන්ගේ ක්‍රියාකලාපය විවේචනය කිරීමට ජනතාවට අයිතියක් ඇති බවද මහ බැංකුවේ නිළධාරීන්ට ජනතාවට සහන ලබා දීම සදහා කටයුතු කිරීමට සාදාචාරාත්මක අයිතියක් ඇති බවද වැඩි දුරටත් මතක් කර සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39