උද්ගතව ඇති කොවිඩ් තත්ත්වය හමුවේ ලබන සිකුරාදා වනවිට ආණ්ඩුව විසින් විද්‍යාත්මක ක්‍රමවේදයට රට වහන්නේ නැතිනම්, රාජ්‍ය හා පෞද්ගලික සේවයේ සියලුම වෘත්තිය සමිති ඒකාබද්ධව ලබන සදුදා වනවිට රට වසාදැමීමේ ක්‍රියාමාර්ගයකට යොමුවන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ සම-කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියාසිටියේ මෙම රට වසාදැමීමේ ක්‍රියාමාර්ගය විද්‍යානුකූලව සිදුකරන බවත් අඩුම තරමින් ඉන්පසුව හෝ එය පවත්වාගෙන යාමට තම වෘත්තිය සමිතිවලට ආණ්ඩුව සහය ලබාදෙන ලෙසයි.
“බාගෙට ප්‍රතිශක්තිය හදා ගත්තු ජනතාව, අනවශ්‍ය නිරාවරණයකට ලක් කරලා, ශ්‍රී ලාංකේය කොවිඩ් ප්‍රභේදය නිර්මාණය කරන තුරු බලා නොඉද, ආණ්ඩුව ලොක් ඩවුන් නොකරන්නේනම්, වෘත්තීය සමිති ඒකාබද්ද ලොක් ඩවුන් කිරීමක් සදහා සියළු වෘත්තීය සමිති සූදානම්.” බව හෙතෙම අවධාරණය කළේය.
ඒ අතරම එම ලොක් ඩවුන් කිරීම සාර්ථක කර ගැනීමට අදාල පහත අවශ්‍යතා රට තුල සම්පූර්ණ කිරීමටද මෙම “ලොක් ඩවුන් වර්ජන ක්‍රියා මාර්ගයෙන්” ආණ්ඩුවට බල කරන බව ඔවුහු කියාසිටිති.
1.දින 10ක විද්‍යාත්මක ලොක්ඩවුන් කිරීමක් සිදු කරන්න.
2.අවම වශයෙන් එම කාළය තුල කොවිඩ් PCR, රැපිඩ් PCR, ක්ෂණික ප්‍රතිපාදන ජනක ඇතුළු කොවිඩ් පරීක්ෂණ ලක්ෂයක් සිදු කරන්න
3.ආසාදිතයින් වෙන් කරන්න. සාමාන්‍ය රෝග ලක්ෂණ සදහා නිවසේ ප්‍රතිකාර සැලසුම් කරන්න
4.රෝග ලක්ෂණ සහිත අතර මැදි ප්‍රතිකාර අවශ්‍ය අය සදහා ඇඳන් ලක්ෂයක අතරමැදි මධ්‍යස්ථාන සූදානම් කරන්න
5.අත්‍යවශ්‍ය ප්‍රතිකාර සදහා ඇදන් 10000ක් වෙන්කර තබන්න
6.විද්‍යාත්මක ආවේක්ෂණයක් හරහා රෝගය නිවැරදිව පුරෝකථනය කිරීම සැලසුම් කරන්න එම කාලය තුල සංචාරකයින් ගෙන්වීම වලක්වන්න.
8.සියළු විදේශ වල සිට පැමිණෙන ආගමනිකයින්ගේ ප්‍රභේද පිළිබද සැලකිලිමත් වන්න රට තුල හමුවන රෝගීන්ගේ ප්‍රමාණය අනූව කොළ, තැඹිලි, රතු කලාප හදුනා ගැනීම සහ කොළ- තැඹිලි කලාප ආරක්ෂා කරමින් වැඩි දියුණු කිරීම.
ලොක්ඩවුන් කාලය තුල ජන අවශ්‍යතා පිළිබදව රජයේ වගකීම ඉටු කරන්න














A good idea regardless of party affiliation
👍👍👍
ballata ayithi wadey karanna hadana mey pakis buruwata kaney paarak denna kenek nadda mey ratey ?? muta mechcara prasiddiyak denna moo kauda?? paththara karayonge hithawathek wenna athi nowaradawama !!! palayan makara katata gon thakathruwo
balu pissa innwa janadipathi maduree eeka rate malamini ganinnawaa wahallu uta hure danawa