COVID ආශ්‍රිත හුස්ම ගැනීමේ අපහසුතාවයක දී සුදුසු ඉරියව්

COVID ආශ්‍රිත හුස්ම ගැනීමේ අපහසුතාවයක දී සුදුසු ඉරියව් සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

” COVID -19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය රටපුරා සීඝ්‍ර පැතිර යාමක් සිදුවෙමින් පවතින පසුබිම තුළ ආසාදිත පුද්ගලයින් හට රෝහල් තුළ ප්‍රතිකාර කිරීමට සමගාමීව රෝග ලක්ෂණ නොදක්වන හා සුළු රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් හට තම නිවසෙහි ම රැඳී ප්‍රතිකාර ලබා ගැනීමට වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

නිවසේ රැඳී ප්‍රතිකාර ලැබීමේ දී රෝග ලක්ෂණ උත්සන්න වීම කලින්ම හඳුනා ගැනීම, ඉතාමත්ම වැදගත් වනවා.

විවේකීව සිටියදී හෝ සුළු මහන්සි වීමකින් පසුව, හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ හතියක් ඇතිවීම මෙහි දී, වහාම රෝහල්ගත වීමට හේතුවක් සේ සැලකෙනවා. එමෙන්ම රුධිරයේ ඔක්සිජන් මට්ටම, විවේකීව සිටියදී හෝ සුළු මහන්සි වීමකින් පසු 96% කට වඩා, අඩු වේ නම්, එයත් තව දුරටත් නිවසේ රැඳී සිටීමට සුදුසු තත්වයක් නොවේ.

යම්කිසි කෙනෙක් නිවෙස් ගත COVID-19 ප්‍රතිකාර සම්බන්ධීකරණ පද්ධතියෙහි ලියාපදිංචි වීමෙන් පසුව මෙවන් තත්ත්වයක් ඇති වුවහොත් වහාම අදාල වෛද්‍ය කණ්ඩායමට දැනුම් දිය යුතුයි.

ඉන්පසුව එම වෛද්‍ය කණ්ඩායම විසින් විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම රෝගියා වහාම රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කෙරෙනවා ඇති.

එසේ රෝහලකට ඇතුල් කිරීම සම්බන්ධීකරණය කිරීමට ගත වන කාලය ඇතුළත හුස්ම ගැනීමේ අපහසුතාවය පවතින්නේ නම් රෝගියා හට පහත ආකාරයට ඉරියව් වෙනස් කිරීමෙන් එම හුස්ම ගැනීමේ අපහසුතාව යම් දුරකට අවම කරගන්න පුළුවන්.

මෙම රූප සටහනේ දැක්වෙන ආකාරයට සෑම පැය 2 කට වරක් ම
⦾ විනාඩි 20-30 මුනින් අතට ද, ( ගර්භනී කාන්තාවන් හා ස්ථුල පුද්ගලයන් විසින් මෙම ඉරියව්ව මග හැරිය යුතු වේ)
⦾ විනාඩි 20-30 දකුණු ඇලයට ද,
⦾ විනාඩි 20-30 වාඩි වී ද,
⦾ විනාඩි 20-30 වම් ඇලයට ද ,
ස්ථානගත වීමෙන් මෙම අපහසුතාවය අවම කරගැනීමට පුළුවන්.

මෙය ලොව පුරා COVID – 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වල හුස්ම ගැනීමේ අපහසුතාව අවම කරගැනීමට භාවිතා වන එක් සරළ උපක්‍රමයක්.

එහෙත් මෙහිදී තදින් ම අවධාරණය කළ යුතු සහ වඩාත්ම වැදගත් කාරණය වන්නේ, හැකි ඉක්මනින් ම මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් ලැබෙන උපදෙස් වලට අනුකූලව රෝහල් ගත වීමට කටයුතු කිරීමයි.

රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසයෙන් ගැලවී, එම රෝග ආසාදනය නිසා සිදුවන විවිධ අපහසුතා වලින් මිදීමට ඔබ මේ අවස්ථාවේ ගත යුතු වඩාත්ම වැදගත් පියවර වන්නේ සියලු අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන් හා හමුවීම් වහාම නවතා දැමීමයි.”

2241 02 S 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41