කොවිඩ් නිසා තවත් නගර 15ක් වැසේ

කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් තවත් නගර 15ක වෙළඳසැල් වසාදැමීමට එම වෙළඳසැල් හිමියන් සහ නාගරික වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත.

ත්‍රිකුණාමලය නගර සභා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, කෑගල්ල, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොණරාගල, දිවුලපිටිය, දැරණියගල, ඌරගස්මංහන්දිය, වාද්දුව, බාඳුරාගොඩ, රිකිල්ලගස්කඩ සහ අලව්ව යන නගර මෙන්ම, යාපනය කොඩිකාමම්හි වෙළඳ සංකීර්ණය ද මෙසේ වසා දැමීමට නියමිතය.

ඇතැම් නගරවල වෙළඳසැල් සතියක කාලයක් සඳහාත්, තවත් නගරවල සති දෙකක් සහ තවත් ඒවා නැවත දැනුම්දෙන තුරු වසාදැමීමට ව්‍යාපාරිකයන් තීරණය කර තිබේ.

මේ වන විටත් රට පුරා නගර 16ක කඩ සාප්පු වසා දමා ඇති අතර ඒ අනුව කඩසාප්පු වසා දැමීම සිදුවන මුළු නගර සංඛ්‍යාව 31 කි.

ගම්පහ, අම්බලන්තොට, අම්බලන්ගොඩ, මරදගහමුල, වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, පලාපත්වල, උල්පත, තංගල්ල, බදුල්ල, බලංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය සහ මාතලේ යටවත්ත යේලක්කරය මේ වන විටත් කඩ සාප්පු වසා දමා ඇති නගර වේ.

තම නගරවල පැතිර යන කොවිඩ් අවදානම හේතුවෙන් එම තීරණය ගෙන ගෙන ඇතැයි එම වෙළඳ සංගම් පවසයි.

(ඩයනා උදයංගනී, යොහාන් භාසුර, අමදෝරු අමරජීව, රවීන්ද්‍ර ලියනගේ, පුෂ්පකුමාර මල්ලවආරච්චි, සමන් පාලිත නානායක්කාර, නවරත්න සමරතුංග, දයා හේමන්ත සිල්වා, ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ, ප්‍රදීප් කුමාර, නයෝමි දිල්රුක්‍ෂි, අබේසිංහ සේනාරත්න, ඔගස්ටින් ප්‍රනාන්දු, කුෂාන් ජයවර්ධන, බිබිල විශේෂ කේෂර ගුණතිලක, ටී.ඇම් සෝමපාල සහ ජයන්ත කුමාර දිසානායක)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
46
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39