ජිවිත 15ක් අහිමි කළ විස එන්නත

කොළඹ – බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දීර්ඝ කාලයක් ජීවත්ව සිටි සුනඛයින් 15 දෙනෙකු පමණ වස එන්නත් කර මරා දමා ඇතැයි චෝදනා කරමින් සත්ත්ව අවිහිංසාවාදී සංවිධානයක් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, සත්ත්ව පනත යටතේයි.

එම සංවිධානය ප්‍රකාශ කළේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධානියෙකු විසින් රුපියල් 140,000ක කොන්ත්‍රාත්තුවක් මත එම සුනඛයින්ට වස එන්නත් කර මරා දමා ඇති බවයි.

එසේම අදාළ සුනඛයින් පිරිස සත්ත්ව අවිහිංසාවාදී සංවිධාන විසින් වන්ද්‍යාකරණයට හා එන්නත්කරණයට ලක් කර තිබූ බව ද සදහන්. එසේ තිබියදීත් එම සුනඛයින් පිරිස ඝාතනය කර ඇති බවට යි සත්ත්ව අවිහිංසාවාදී සංවිධාන ප්‍රකාශ කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?