“පුළුවන්නම් ඡන්දයක් තියන්න : තුනෙන් දෙක පෙන්නන්නම්” – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ආණ්ඩුවට අභියෝගයක්

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනපතිවරයා ඇතුළු ආණ්ඩුවට අභියෝගයක් කරනවා.

ඒ පුළුවන්නම් ඡන්දයක් පවත්වන ලෙසයි.

වසංගතය අස්සෙ හරි කමක් නැහැ

තිබෙන වසංගත තත්ත්වය හමුවේ වුව හැකිනම් ඡන්දයක් පවත්වන ලෙසත් උන්වහන්සේ ආණ්ඩුවට අභියෝග කරනවා.

එවිට මේ ආණ්ඩුවට දැන් තිබෙන්නේ තුනෙන් දෙක නොව තුනෙන් කීයදැයි බලා ගැනීමට හැකිවනු ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

දැන් සැපද අපිට මතකයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයේ සිටියදී අල කොහොමද , ගෑස් කොහොමද , දැන් සැපද කියා ජනතාවගෙන් ඇසූ හැටි මතක් කර දෙන උන්වහන්සේ දැන් තමන් වහන්සේලාගේ ගෑස් ආණ්ඩුවට පෙන්වීමට කාලය පැමිණ ඇති බවයි සඳහන් කරන්නේ.

රාජ්‍ය පාලකයින් තමන් වහන්සේලා කියන කිසිම දෙයක් තුට්ටුවකට මායිම් නොකරන බවයි යළිත් වතාවක් උන්වහන්සේ සඳහන් කරන්නේ.

හැත්තෑවේ ආණ්ඩුවට උන දේ

මේ බලයට ගෙනාවේ මොක්කුන් දැයි තමන් වහන්සේලාගේ කීමට මේ ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාව දැන් තමන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරණ බවද මතක් කර දුන්නේ 1977 දී බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව ආසන 8 ට බැස්ස හැටිද පෙන්වා දෙමින්.

එදා මැතිනියගේ ආණ්ඩුවද මහජන මතයට කන් නොදුන් නිසා ජනතාව ජේ.ආර්. ජයවර්ධන මහතාට දුන් ජනවරමද උන්වහන්සේ මතක් කර දෙනවා.

හෙද සංගමයේද සභාපතිවරයා වන පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙම මතභේදාත්මක අදහස් පළ කළේ උන්වහන්සේ වැඩ සිටින නාරාහේන්පිට අභයාරාමයේ මාධ්‍ය සාකච්ඡාවක් තබමින්.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් 2015 ජනපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට යළි සිය දේශපාලන ගමන ආරම්භ කිරීමට සිය විහාරස්ථානයද ලබාදෙමින් වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ඇප කැප වී කටයුතු කළ භික්ෂුවක්

  1. සිවුර උස්සලාද තුනෙන් දෙක පෙන්වන්නෙ හාමුදුරුවනෙ? අද රටෙ ජනතාව මතට කුඩු වලට ඇබ්බහිවෙලා. අපරාද වලට මිනී මැරුම් වලට ;ආගමට දහමට ලැදියාවක් නෙහෙ ;ඉතින් ඔය සිවුරු දමන් ඉන්න අය කල යුත්තේ තම සුඛ විහරනය පතා එක එක පක්ෂවලට කඩේ යෑම නොව, පන්සලකට විහාර මලුවකට වෙලා හෝ ජනතාව අතරට ගොස් ජනතාව බෞද දහමට යහපත් පැවත්මට ගැනීමයි . අද බෞදයන් වෙන ආගම කරා ඇදී යනවා, ඒ අයට දොස් කියලා වෙඩක් නෙහෙ , ජනතාව මෙ වාගෙ චීවරදාරින් දෙක්කම ආගමෙන් ඉවත්ව යනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22