AFC Banner
Empty Ad
Empty Ad

ජනයා තීරණයක් ගනී: අද සිට නගර රැසක් ස්වයංව ලොක් ඩවුන් වේ

අද (16) සිට නගර කීපයක කඩ සාප්පු වසා දැමීමට එම නගරවල ව්‍යාපාරික සංගම් තීරණය කොට තිබෙනවා.

මරදගහමුල , වේයන්ගොඩ , දිවුලපිටිය , අම්බලන්තොට , මාතලේ පලාපත්වල , සේරූනුවර , ඌව පරණගම ලුණුවත්ත එසේ කඩසාප්පු වසා දැමීමට තීරණය කර ඇති නගර අතර වේ.

තවත් නගර රැසක තීරණය ළඟදීම

ඒ එම නගර ආශ්‍රිතව වල කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළ යෑම නිසයි.

මෙසේ ස්වකැමැත්තෙන්ම සතියක මෙන්ම සති දෙකක කාලෙකට වසා දැමීමට එම නගරවල වෙළඳ සංගම් තීරණය කොට තිබෙනවා.

නුදුරේම තවත් නගර රැසක් මෙසේ ස්වයං ලක් ලොක් ඩවුන් විමකට යොමු වෙතැයි විශ්වාස කෙරෙනවා.

මේ වන විටත් පිටකොටුව කොටුව , මරදාන , බොරැල්ල ආදි කොළඹ නගරයේ ජනාකීර්ණ පෙදෙස් වල ජනතාව ස්වකැමැත්තෙන්ම හුදකලා වී සිටින්නේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ ඉල්ලීම

රටම වසා දමන (ලොක් ඩවුන්) ලෙස වෛද්‍ය අංශ , මහජන සෞඛ්‍ය සේවා අංශ දිගින් දිගටම රජයෙන් ඉල්ලීමක් රජයෙන් ඊට අනුමැතිය ලැබුණේ නැහැ.

මේ නිසා තම ආරක්ෂාව තමන්ම සපයා ගැනීම සඳහා අද (16) සිට ස්වයංව ලොක් ඩවුන් වල ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වන උපුල් රෝහණ මහතා ප්‍රසිද්ධියේම ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

ඊට ජනතාවගේ මෙන්ම වෙළෙඳ සංගම් වල යහපත් ප්‍රතිචාර ලැබෙමින් තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
135
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?