සහල් උපරිම සිල්ලර මිලට සිදු වු දේ

සහල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල යළි සංශෝධනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.ඒ අනුව සුදු හා රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 95ක් ලෙසද, වාෂ්පයෙන් තම්බනලද සුදු හා රතු නාඩු කිලෝග්‍රෑමයක මිල රුපියල් 98ක් ලෙසද, වාෂ්පයෙන් තම්බන ලද සුදු හා රතු සම්බා කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 105ක් ලෙසද, සුදු හා රතු කැකුළු සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 105ක් ලෙසද, කීරි සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 130ක් ලෙසද සඳහන් කරමින් මිල සංශෝධනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.


නව මිල සංශෝධනය අමාත්‍ය මණ්ඩලයට අද (16) යොමු කිරීමට පියවර ගෙන ඇත. අමාත්‍ය මණ්ඩල තීරණය අනුව නව ගැසට් නිවේදනයක් හෙට (17) නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සූදානමින් සිටියි.සහල් සඳහා වන තොග මිලෙහි අසාමාන්‍ය ඉහළ යාමක් නිරීක්ෂණය වූ බැවින් සහල් නිෂ්පාදකයන්ට හා මෝල් හිමියන්ට අදාළව සහල් සඳහා උපරිම තොග මිලක්ද නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 2020 නොවැම්බර් මස ද ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
කෙසේ වෙතත් සහල් මිල වැඩි වී ඇති බැවින්, සහල්වල නිෂ්පාදන වියදම ද වැඩිවී ඇති බැවින් සාධාරණ උපරිම සිල්ලර මිලක් වෙළෙඳුන්ට ලබා දීමේ අරමුනින් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේය.


මීට පෙර නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව සුදු හා රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 93කි. කීරි සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 120කි. වාෂ්පයෙන් තම්බන ලද සුදු හා රතු සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 98කි. වාෂ්පයෙන් තම්බන ලද සුදු හා රතු නාඩු කිලෝග්‍රෑමයක මිල රුපියල් 96කි. සුදු හා රතු සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 98ක් විය.
මේ අනුව සුදු හා රතු කැකුළු සහල්, වාෂ්පයෙන් තම්බන ලද සුදු හා රතු නාඩු, වාෂ්පයෙන් තම්බන ලද සුදු හා රතු සම්බා, සුදු හා රතු කැකුළු සම්බා, කීරි සම්බා යන සෑම සහල් වර්ගයකම උපරිම සිල්ලර මිල රුපියල් 2-10ක් යන මුදල් පරාසයකින් වැඩි වෙයි.

උදයජීව ඒකනායක



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11