ලේ කිරිකර දුන් අම්මාව කොරෝනා නිසා එපා කියූ දියණිය

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මේ වනවිට සුවය ලබා සිටින මවක් නිවසට රැගෙනයෑම ඇයගේ එකම දියණිය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම මව මිනුවන්ගොඩ රෝහලේ අසරණ වී සිටින්නීය.

ඒ හේතුවෙන් ඇය වසරක කාලයක් ගම්පහ රෝහලේ ද නැවතී සිටි බව එම මව කඳුළුසළමින් පවසා සිටියාය.

ගම්පහ රෝහලේ දී කොවිඩ් ආසාදිතවීම හේතුවෙන් තමාව මිනුවන්ගොඩ රෝහලට රැගෙන ආ බවත් දැන් සුවය ලබා සිටින තමාව නිවසට ගෙනයෑම දියණිය විසින් ප්‍රතික්ෂේප කරන බවත් ඇය සඳහන් කළාය.

තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ධම්මිකා ජයවීර නැමැති 55 හැවිරිදි එම මව වැඩිදුරටත් කියා සිටියේ දියණියගේ දුරකථන අංකයට කතා කරන සෑම අංකයක්ම ඇය විසින් අවහිර කරන බවය.

“මාව අවුරුද්දක් ගම්පහ ඉස්පිරිතාලේ තියා ගත්තා. මට කොරෝනා කියලා මෙහෙට ගෙනත් දැම්මා. මම රෝහලට එනකොට මට කොරෝනා හැදිලා තිබුණේ නෑ. සෙනඟ ගොඩේ ඉඳලා තමයි මට කොරෝනා හැදුණේ. අනේ දෙයියනේ මට මොකක් හරි පිහිටක් වෙන්න. මගේ දුවගේ නම නිලූෂා නිල්මිණි. මම ගේ හදන්න ලක්ෂ හතරාමාරක් දුන්නා. දැන් මට ගේත් නෑ සල්ලිත් නෑ. යන්න තැනකුත් නෑ. එදා ඉඳලම ගෙවල්වල නැවතිලා වලං හෝද හෝද හිටියේ.”

  1. ආගම දහම බල්ලට දාලා ටියුෂන් ටියුෂන් කිකිය තිරිසන්නු වගේ ළමයි හැදුවහම ඔහොම වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22