රෝගී ජීවිත බේරගන්න ජනතා උපකාර ඉල්ලයි!

මෙරටට බලපා ඇති කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ ජාතික රුධිර පාරවිල මධ්‍යස්ථානයේ ඇති රුධිර සංචිතයන් පහළ වැටී ඇති බවට වාර්තා වෙනවා.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේ මේ වනවිට දෛනික රුධිර අවශ්‍යතාවය සඳහා රුධිර ඒකක 950ත්, 1000ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි.

මෙම ඒකක ප්‍රමාණය සංචිත මට්ටම පහළ වැටීම නිසා සපුරා ගත නොහැකි බවට පේනවා දෙන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ මෙම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා රුධිර පරිත්‍යාගශිලීන්ගෙන් උපකාරයන් අවශ්‍ය බවයි.

මේ සඳහා වැඩිදුර තොරතුරු විමසීමට ජාතික රුධිර පාරවිල මධ්‍යස්ථානය මඟින් දුරකථන අංක 02ක් ලබාදී තිබෙනවා. 

ඒ අනුව 011- 5 332 153 හෝ 011- 5 332 154 අංක දෙක අමතා පරිත්‍යාගශිලීන්ට වේලාවක් වෙන කරගෙන රුධිරය පරිත්‍යාග කිරීමට හැකියාව තිබෙනවා.

එමෙන්ම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා මෙරට ඕනෑම රුධිර පාරවිලන මධ්‍යස්ථානයක් වෙත පැමිණිය හැකි බවයි වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22