AFC Banner
Empty Ad
Empty Ad

රෝගී ජීවිත බේරගන්න ජනතා උපකාර ඉල්ලයි!

මෙරටට බලපා ඇති කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ ජාතික රුධිර පාරවිල මධ්‍යස්ථානයේ ඇති රුධිර සංචිතයන් පහළ වැටී ඇති බවට වාර්තා වෙනවා.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේ මේ වනවිට දෛනික රුධිර අවශ්‍යතාවය සඳහා රුධිර ඒකක 950ත්, 1000ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි.

මෙම ඒකක ප්‍රමාණය සංචිත මට්ටම පහළ වැටීම නිසා සපුරා ගත නොහැකි බවට පේනවා දෙන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ මෙම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා රුධිර පරිත්‍යාගශිලීන්ගෙන් උපකාරයන් අවශ්‍ය බවයි.

මේ සඳහා වැඩිදුර තොරතුරු විමසීමට ජාතික රුධිර පාරවිල මධ්‍යස්ථානය මඟින් දුරකථන අංක 02ක් ලබාදී තිබෙනවා. 

ඒ අනුව 011- 5 332 153 හෝ 011- 5 332 154 අංක දෙක අමතා පරිත්‍යාගශිලීන්ට වේලාවක් වෙන කරගෙන රුධිරය පරිත්‍යාග කිරීමට හැකියාව තිබෙනවා.

එමෙන්ම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා මෙරට ඕනෑම රුධිර පාරවිලන මධ්‍යස්ථානයක් වෙත පැමිණිය හැකි බවයි වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?