AFC Banner
Empty Ad
Empty Ad

රෝහල් ඉඩ නැති වූ කොරෝනා ආසාදිතයෙක් විදින අපා දුක කියයි

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති ආසාදිතයෙකු තමන්ව මෙතෙක් නිරෝධායන අතරමැදි ප්‍රතිකාර මද්‍යස්ථානයකට රැගෙන යාමට හෝ වෛද්‍යය උපදෙස් ලබා  දිමට කිසිදු සෞඛ්‍ය අංශ නිලධාරියෙකු කටයුතු නොකල බව එම රාජ්‍යය නිලධාරියා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසිය.

ඉකුත් (07) දින සිට තමන් අසාදිතයෙකු වි ඇති බවත් ,එදින සිට තම නිවසේ සමාජිකයන්ගෙන් වෙන්ව නිවසේ අඩු පහසුකම් සහිත කාමරයක රැදි සිටින බවත් , තමන්ගේ රෝග තත්වය මේ වන විට උත්සන්න වි ඇති බවයි අසාදිත රාජ්‍යය නිලධාරියා කියා සිටියේ.

වෛරසය ආසාදනය වු තමන් මෙන් මෙවැනි අසාදිතයන් විශාල පිරිසක් හැටන් ප්‍රදේශයේ සිටිය හැකි බවත් , එම අසාදිතයින් නිරෝදායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යැවිමට කටයුතු කරන ලෙසයි එම නිලධාරියා සෞඛ්‍යය අංශ නිලධාරිනගෙන් ඉල්ලා සිටින්නේ.

තම රෝගි තත්වය පිලිබදව දැනුවත් කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයාට දුරකථන ඇමතුම් කිහිපයක් ලබා ගත්තද මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා එම දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වන බවද ආසාදිත රාජ්‍යය නිලධාරියා පැවසිය.

තමන් මෙම සිද්දිය මාධ්‍යයට පවසන්නේ රජය හෝ සෞඛ්‍යය අංශ නිලධාරින් අපහසුතාවයට පත් කිරිමේ අරමුණින් නොවන බවත් , මෙම රෝගයෙන් වෙනත් අයෙකුට ආසාදනය විම වැලැක්වා ගැනිමේ අරමුණින් බවත් ,ආසාදිත තමන්ව කඩිනමින් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ රොහල් ගතකර ගැනිමේ අරමුණින් බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?