AFC Banner
Empty Ad
Empty Ad

රටම වසාගත් කොවිඩ් ව්‍යාප්තිය දැඩි වෙද්දි, හදිසියේම වසා දැමුණු නගරය මෙන්න

අම්බලන්තොට නගරයේ සියලු වෙළඳසැල් හෙට (15) සිට සතියක කාලයක් වසා දැමීමට අම්බලන්තොට වෙළඳ සංගමය තීණය කර තිබෙනවා.

නගරය හා අවට ප්‍රදේශවලින් වැඩි වශයෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් වාර්තාවීම හේතුවෙනුයි ඔවුන් මෙම තීරණයට එළඹ ඇත්තේ.
එම ප්‍රදේශවල කොරෝනා වෛරසය පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බැවින් ජනතාව නිරන්තරයෙන් නගරයට පිවිසීම හමුවේ අනෙක් ජනතාව ද අවදානමකට ලක්වන බව වෙළඳ සංගමය පෙන්වා දෙනවා.

මෙම තීරණය සතියක කාලයක් ක්‍රියාත්මක කරන අතර ඉදිරියේදී රටේ තත්වය සලකා බලා නගරයේ වෙළඳසැල් විවෘත කිරීමට හෝ තවදුරටත් වසා තැබීමට කටයුතු කරන බවයි අම්බලන්තොට වෙළඳ සංගමයේ ලේකම් ඒ.එච්. ප්‍රේමචන්ද්‍ර කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?