AFC Banner
Empty Ad
Empty Ad

එපිසිලෝන් ප‍්‍රභේදය මෙරටට ආවොත් පැයකට මරණ 30ක්.. දිනකට 700 පනී

කොරෝනා වෛරසයේ එපිසිලෝන් යනුවෙන් හැඳින්වෙන ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් සෑම විනාඩි දෙකකටම එක් අයෙකු මිය යනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

එහි සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ නව වෛරසයට ජනතාව තුළ පවත්නා ප්‍රතිශක්තියකරණය හා එන්නත් මගින් ලබාදෙන ප්‍රතිශක්තිකරණය ප්‍රමාණවත් නොවන බවට තොරතුරු සොයාගෙන ඇති බවයි.

දැනට මෙම ප්‍රභේදය මෙරටින් වාර්තා වී නැතත් ඉදිරි කාලයේ දී රට තුළ ව්‍යාප්ත වනු ඇතැයි මතයේ පිහිටා දැන් සිටම අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුව ඇතැයි ද ඔහු පැවසීය.

ඩෙල්ටා ප්‍රබේදයෙන් විනාශ වූ ජීවිත ප්‍රමාණයට වඩා එපිසිලෝන් ප්‍රභේදයෙන් දහස් ගණනකගේ ජීවිත අහිමි වනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?