මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

කරවල ඇතුලු ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා අලුතින් බදු පැණවීමක් සිදුකර ඇති බවට පළව ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළා.

සිදුකර ඇත්තේ පැවති බදුවල වලංගු කාලය දීර්ඝ කිරීමක් පමණක් බවයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සඳහන් කලේ.

හාල්මැස්සන්, කරවල, උළු හාල් ඇට, කුරක්කන් පිටි, අබ ඇට, ලූණු සහ බටර් සඳහා පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බදු මෙලෙස දීර්ඝ කර තිබෙනවා.

කරවල හා හාල්මැස්සන් සඳහා පැවති බද්ද අගොස්තු 11 වනදායින් අවසන් වීමටයි නියමිත තිබුණේ.

එය 12 වනදා සිට දීර්ඝ කර ඇති අතර සැප්තැම්බර් 30 වනදායින් අවසන්වීමට නියමිත වූ අනෙක් ආහාර සඳහා වන බදු ද අඛණ්ඩව පවත්වාගෙන යාම එම ගැසට් නිවේදනයේ අරමුණ බවයි මුදල් අමාත්‍යංශය අවධාරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22