චුටි මල් කැකුලක් යතුරුපැදියට නංවාගෙන ගොස් බලහත්කාරයෙන් කෙලෙසූ රෝහල් සේවකයා

බසයක් එන තෙක් මග බලා සිටි වයස අවුරුදු 15ක දැරියක් යතුරුපැදියෙන් රැගෙන ගොස් බරපතළ අපයෝජනය කළැයි කියන කුලියාපිටිය ශික්ෂණ රෝහලේ කනිටු සේවකයකු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිසියට හැකිව තිබිණි.

එසේ තමන් යතුරුපැදියේ නංවාගෙන ගොස් ප්‍රධාන මාර්ගය මගහැර අතුරු මාර්ග ඔස්සේ රැගෙන ගොස් කිහිප වරක් අපයෝජනයට උත්සාහ කළ බවත්, අස්සැද්දුම පාසල අසල අතුරු මාර්ගයේ ගසක් යටට බලහත්කාරයෙන් රැගෙන ගොස් බරපතළ ලෙස අපයෝජනය ලක් කළ බවත් දැරිය විසින් සිය මවට පැවසීමෙන් පසුව මව හා දැරිය පැමිණ කුලියාපිටිය පොලිසියට පෙරේදා (11දා) පැමිණිලි කර තිබිණි.

එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ කුලියාපිටිය වැවගම ප්‍රදේශයේ සැකකරුවකු වූ අතර දැරිය එදිනම සිය ලොකු අම්මාගේ සුවදුක් විමසීමට ගොස් යළිත් සිය නිවසට පැමිණීමට බසයක් පැමිණෙන තුරු සිටියදී සැකකරු විසින් තමන් සේවයට යන බව පවසා යතුරුපැදියේ නංවාගෙන පැමිණ තිබූ බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළිව තිබිණි.

සැකකරුද දැරිය පුද්ගලිකව දන්නා හඳුනන අයකු නිසා එසේ යතුරුපැදියට ගොඩවූ බවද. දැරිය පොලිසියට සඳහන් කර තිබූ අතර වැවගම මාර්ගයේ බසයක් පැමිණෙන තෙක් තමන් පැය කිහිපයක් මාර්ගයේ රැඳී සිටි බවද පවසා තිබිණි.

සැකකරු සම්බන්ධව පොලිසියට පැමිණිල්ල ලැබීමත් සමගම වහා ක්‍රියාත්මක වූ පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක සැකකරු ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටියදීම රෝහල් බලධරයන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබිණි.

උපුට්ගැනීම – අරුණ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41