අද මධ්‍යම රාත්‍රියෙන් පසු දුම්රිය නෑ

සියලු දුම්රිය ස්ථානාධිපතිවරු අද(12) මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත් වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

කොවිඩ් වංසගතයෙන් ආරක්ෂාවීමට දුම්රිය කාර්ය මණ්ඩලවලට සෞඛ්‍ය පහසුකම් ලබානොදීමට විරෝධය දැක්වීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගෙන මෙම ක්‍රියාමාර්ගය ගත් බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වේගයෙන් කොවිඩ් ආසාදිතයන් බවට පත්වුවද ක්‍රමවත් නිරෝධායන වැඩපිළිවෙළක් නොමැති වීමෙන් ඔවුන්ගේ ජීවිත අවදානමට පත්ව තිබීම, සෞඛ්‍ය ආරක්‍ෂිත ද්‍රව්‍ය ඉක්මණින් ලබානොදීම සහ ඒවායේ ගුණාත්මකභාවය සඳහා කටයුතු නොකිරීම, නිරෝධායන මධ්‍යස්ථානයේ පොදු බව නොමැතිවීම සහ ස්ථාන මාරුවලට බාහිර වෘත්තීය සමිති මැදිහත් වීම යන වෘත්තීය ගැටලු ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ මෙම වර්ජනයට හේතු වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11