හදිසියේ රෝගීවූ පොලිස් නිලධාරියෙක් මරුට

ආණමඩුව පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.

ඊයේ (11) රාත්‍රී කාලයේදී එම සැරයන්වරයාට හදිසියේ අසනීප වී මෙලෙස මරණය සිදුවී ඇති බව වැඩිදුරටත් වාර්තා විය.

මියගොස් ඇත්තේ ආණමඩුව වල්පාළුව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.

රාජකාරී කටයුතු අවසන් කොට නිවසට ගොස් සිටියදී එම පොලිස් සැරයන්වරයා හදිසියේම රෝගීවීම හේතුවෙන් පවුලේ අය විසින් ඔහුව කඩිනමින් රෝහල්ගත කර ඇත.

කෙසේවෙතත් ඔහු රෝහල්ගත කරන අවස්ථාව වනවිටත් මියගොස් සිටි බව වාර්තා වේ.

මිය ගොස් ඇති පොලිස් සැරයන්වරයාගේ ජෛව පටල සාම්පල පරීක්ෂණයක් සිදු කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබේ.

එම වාර්තාව ලැබීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55