හදිසියේ රෝගීවූ පොලිස් නිලධාරියෙක් මරුට

ආණමඩුව පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.

ඊයේ (11) රාත්‍රී කාලයේදී එම සැරයන්වරයාට හදිසියේ අසනීප වී මෙලෙස මරණය සිදුවී ඇති බව වැඩිදුරටත් වාර්තා විය.

මියගොස් ඇත්තේ ආණමඩුව වල්පාළුව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.

රාජකාරී කටයුතු අවසන් කොට නිවසට ගොස් සිටියදී එම පොලිස් සැරයන්වරයා හදිසියේම රෝගීවීම හේතුවෙන් පවුලේ අය විසින් ඔහුව කඩිනමින් රෝහල්ගත කර ඇත.

කෙසේවෙතත් ඔහු රෝහල්ගත කරන අවස්ථාව වනවිටත් මියගොස් සිටි බව වාර්තා වේ.

මිය ගොස් ඇති පොලිස් සැරයන්වරයාගේ ජෛව පටල සාම්පල පරීක්ෂණයක් සිදු කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබේ.

එම වාර්තාව ලැබීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?