අපේ නායකතුමා කිව්ව දේ හරි..එයා හඳ පෙන්නුවම හමුදාපති ඇඟිල්ල දිහා බලලා උත්තර දුන්නේ

රට සති දෙකකට වසන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිද්දී, රට විවෘතව තබා ගනිමින් ශ්‍රී ලාංකික ජනතාව කොවිඩ් මාරයාට බිලිදීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත්, කොවිඩ් කාර්ය සාධක බළකායත් භාරගත යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ප්‍රකාශ කළේය.

එන්නත්කරණය පමණක් කොවිඩ් මර්දනයට විසඳුමක් නොවන බව විශේෂඥ වෛද්‍යවරු කියද්දී පවතින එකම විසඳුම එන්නත පමණක් බවට ආණ්ඩුව ජනතාවට ඒත්තූ ගන්වමින් රට විවෘත කරගෙන සිටින බව ද නියෝජ්‍ය නායකයා කීවේය.

කොළඹදී පැවැති එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය නායකයා මේ බව සඳහන් කළේය. එහිදි තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීවේය.

විශේෂඥ වෛද්‍යවරු කියන්නේ සති දෙකකට රට වහන්න කියලායි. නමුත් ආණ්ඩුව මිනිස්සුන්ට මැරෙන්න ඉඩදීලා බලාගෙන ඉන්නවා. අපි යෝජනා කරන්නේ සති දෙකකට රට වහලා ජීවත් වෙන්න අමාරු ජනතාවට යම් සහනයක් දීලා මේ වසංගතයෙන් රට බේරාගන්න කියලායි. ආණ්ඩුව එතනට නොගියොත් අමාරුවේ වැටෙන්නේ ජනතාව මිස ආණ්ඩුව කරන ඈයෝ නොවෙයි.

ජනතාව අද ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. ආර්ථිකය සීග්‍රයෙන් කඩා වැටිලා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු තියෙන හැමදාම ජනතාවගේ අතේ යහමින් මුදල් තිබුණා. පොදුජන පෙරමුණු ආණ්ඩු බලයට පත්වන හැම වෙලාවෙම ජනතාවගේ පොකට් එකට ගැහුවා මිසක් ජනතාවගේ පොකට් එකට මුදල් දැම්මේ නෑ. අපි 2015 දී රුපියල් 10,000 කින් වැටුප් වැඩි කළේ නැති නම් රාජ්‍ය සේවකයන්ගෙන් හරි අඩක් කන්න නැතුව මිය යන්න තිබුණා.

පොහොර නැතුව ගොවියාට තම වගාවන් කර ගන්න විදියක් නෑ. ආණ්ඩුව කාබනික පොහොර දෙනවා කිව්වාට ඒවා කතාවන්ට පමණක් සීමා වෙලා. ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත නිසා මෙවර යළ කන්නයේ වී අස්වැන්න 40% කින් අඩුවෙලා. ගොවියෝ එලෙස පීඩාවට පත් වෙද්දී නගරාසන්න පාරිභෝගිකයෝ ගෑස් හිඟය නිසා පීඩා විඳිනවා. ජනතාව ගෑස් ටැංකි අරගෙන පාරක් පාරක් ගානේ රස්තියාදු වෙනවා. තවත් පිරිසක් ගෑස් පෝලිම්වල.

පැයකට රෝගීන් 10 ක් මිය යන බව පැවසෙනවා. රෝගීන් මිය යාමේ වේගය 1.5% ක්. කොවිඩ් රෝගයෙන් ආසියාවේ වැඩිම මරණ අනුපාතය වාර්තා වන රට බවට ලංකාව පත්වෙලා.

අපේ නායකතුමා ප්‍රකාශ කළ දේ නිවැරදියි. මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසා මෙය විසඳීමේ වගකීම දෙන්න ඕනේ සෞඛ්‍ය අංශයටයි. වගකීම සෞඛ්‍ය අංශයට දීලා මෙහෙයවීමේ වගකීම ඇමැති මණ්ඩලය ගන්න ඕනේ. නායකතුමා මේ ගැන කිව්වාම හමුදාපති උත්තර දෙන්නේ වෙන දේකට. හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලලා උත්තර දෙන්න එපා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ - "විරාජ් බොස් අත්අඩංගුවට ගත්තා කියන්නේ බොරු"
02:14
Video thumbnail
අසරණ වූ පවුලකට නිවසක් දීපු ව්‍යාපාරික මිතුරන්
03:09
Video thumbnail
ලොකුම ගැටලුව වන අලි මිනිස් ගැටලුවට විසඳුම් මෙන්න - නව ජාතික ක්‍රියාකාරි සැලැස්මක්
09:36
Video thumbnail
හැමෝම මට සමාවෙන්න - Mr. Kottu සමාව ඉල්ලයි
02:21
Video thumbnail
කාදිනල් හිමිත්, අනුරත් ඉන්නේ රාජ්‍ය බිඳවැට්ටීමේ කුමන්ත්‍රණයක ? නුවන් බැල්ලන්තුඩාවගෙන් ඇස්උඩයන කතාවක්
16:02
Video thumbnail
වසන්තට චූටි මොළයක් තියෙන්නේ - කුට්ට කුජීත පජාත වැඩමයි කරන්නේ
10:34
Video thumbnail
සීලරතන හිමි දුන්න මුං ඇට කිරිබත් දන්සල - "ගමේ එකා කොහෙද යන්නේ..එන්න"
02:26
Video thumbnail
හාල් කිලෝ 20ක් ගෙවන්න දෙන එක තමයි පුනරුදය
02:10
Video thumbnail
සේවකයින්ට ප#ර දුන් සිද්ධියට Mr. කොත්තු හිමිකරු අත්අඩංගුවට
02:15
Video thumbnail
නිදහස් පක්ෂය බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නේ - නීති විරෝධීයි
03:31