AFC Banner
Empty Ad
Empty Ad

සිසිලිය ගිනි ගනී

මධ්‍යධරණී උණුසුම් වා දහරෙන් ලැව් ගිනි පැතිරෙන ඉතාලියේ දකුණු දිග සිසිලි දිවයිනෙන් යුරෝපයේ මෙතෙක් වාර්තා වූ ඉහළ ම උෂ්ණත්වය ඊයේ වාර්තා වුණා.

ඉතාලි කාලගුණ අංශ සඳහන් කරන පරිදි සෙල්සියස් අංශක 48යි දශම 8ක උෂ්ණත්වයක් එහි දී වාර්තා වූ අතර, මෙතෙක් යුරෝපයෙන් වාර්තා වූ ඉහළ ම උෂ්ණත්වය වන්නේ 1977 වසරේ ග්‍රීසියෙන් වාර්තා වූ සෙල්සියස් අංශක 48ක උෂ්ණත්වය යි.

උණුසුම් වා දහර හේතුවෙන් ඉතාලියේ අනෙකුත් ප්‍රදේශවල ද උෂ්ණත්වය ඉදිරි දිනවල දී ඉහළ යා හැකි බවට යි ඉතාලි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.

මේ අතර, සිසිලියේ සහ කලබීරයා ප්‍රදේශයේ ලැවි ගිනි නිවිම සඳහා මෙහෙයුම් 300ට වැඩි සංඛ්‍යාවක් සිදු කළ බව ඉතාලි ගිනි නිවන අංශ ප්‍රකාශ කළා.

ඉතාලිය , ග්‍රීසිය ඇතුළු මධ්‍යධරණි මුහුදුට මුහුණ ලා පිහිටි රටවල දැන් පවතින උණුසුම් කාලගුණයට හේතු වී ඇත්තේ අප්‍රිකාවේ සිට හමන ලුසිෆර් ලෙස හදුන්වන සුළි සුළං ප්‍රතිරෝධී වායුගෝල පීඩන තත්ත්වයක්.
එමඟින් වාතය අවශෝෂණය කරගනු ලබන අතර, උණුසුම් වා දහර ජනනය කිරිමටත් හේතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?