නගරාධිපති කොරෝණා වැළඳී මියයයි

කොවිඩ් -19 වෛරසය ආසාදිතව යාපනය පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය, වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපති කෝනලිංගම් කරුණානන්දරාසා 11 උදෑසන මියගොස් ඇතැයි වැල්වැටිතුරෙයි පොලීසිය සහ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

වැල්වැටිතුරෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් නගරාධිපතිවරයා යාපනය පේදුරුතුඩුව මන්දිකෙයි රෝහලට පසුගිය 09 වැනිදා ඇතුලත් කොට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බවටය.

කෙසේ වෙතත් නගරාධිපතිවරයාට හෘද රෝගයකින් පෙලී ඇති අතර කොවීඩ් වැළඳීම හේතුවෙන් හෘද රෝගයද උත්සන්න වී මෙළෙස මිය ගොස් ඇත.

මේ වන විට නගරාධිපතිවරයගේ ආශ්‍රිතයින් හා නගර සභාවේ සියලු නිළධාරීන් රැපිඩි ඇන්ටිජන් පරීක්ෂාවන්ට හා පී .සී .ආර් පරීක්ෂාවන්ට යොමු කිරීමට පියවර ගෙන ඇතැයිද වැල්වැටිතුරෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසුවා.

ජිවිතක්ෂයට පත්වු වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා 76 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් නගර සභාවට තේරී පත්විය.

මිය ගිය නගරාධිපතිවරයාගේ අවසන් කටයුතු වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පූර්ණ නිරෝධායන නීතීන්ට අනුව සිදුකිරීමට පියවර ගෙන ඇතැයිද සෞක්‍ය නිලධාරී කාර්යාල වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55