වැලඳී දින 3කින් ඩෙල්ටා ලකුණු මතුවේ

ඩෙල්ටා වැලඳුණු අයකුගෙන් වෙනත් අයකුට එම වයිරසය සම්ප්‍රේෂණය වූ පසු දින තුනක් (3) ඇතුළත රෝග ලක්ෂණ මතුවන බව වෛද්‍ය පර් යේෂණ ආයතනයේ වයිරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ පවසයි.

ඊයේ (11 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එසේම මෙරට ව්‍යාප්ත වූ වයිරස් ප්‍රභේද වන ඇල්ෆා ප්‍රදේශයට වඩා දෙගුණයක වේගයෙන් ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

එම නිසා නිසි සෞඛ්‍ය උපදෙස් අඛණ්ඩව අනුගමනය කරන ලෙස වෛද්‍යවරයා ඉල්ලා සිටී.

තවද වායුසමීකරණය කරන ලද කාමරවල සිටින පුද්ගලයන් සෑම විට මුව ආවරණ දෙකක් පැලඳීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියේය.

එන්නත් ලබාගත් පුද්ගලයන්ගේ ප්‍රතිදේහ වර්ධනය වීමට වඩා වේගයෙන් ඩෙල්ටා ප්‍රභේදය සම්ප්‍රේෂණය වන බව ද හඳුනාගෙන ඇත.

රටේ සියලු ජනතාවගෙන් සියයට අසූවක්වත් එන්නත් ලබාගෙන අවසන් වනතෙක් මෙම වයිරසයෙන් බේරී සිටීමට කටයුතු කරන ලෙස විශේෂඥ වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41