කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබන අයට ඇති වන තවත් රෝගයක්

කොරෝනා වෛරසය  ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ගේ රුධිර සීනි මට්ටම ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ඉන්දීය වෛද්‍ය විශේෂඥයින් පවසනවා. විශේෂයෙන් කොරෝනා ප්‍රතිකාර සඳහා උත්තේජක භාවිත කරන පුද්ගලයින් අතර, මෙම තත්ත්වය දක්නට ලැබෙන බව සඳහන්.
මේ නිසා කලින් දියවැඩියා රෝගය නොතිබූ පුද්ගලයින්ට පවා අලුතින් දියවැඩියාව ඇතිවීමේ තත්ත්වයක් දැකිය හැකියි. ලෝකයේ දියවැඩියා රෝගීන්ගෙන් 6 න් එකක්, එනම් මිලියන 77 ක් දියවැඩියා රෝගීන් ඉන්දියාවෙන් වාර්තා වනවා. චීනයේ එම සංඛ්‍යාව මිලියන 116 ක්. මිලියන 32 ඉක්මවූ ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලොව දෙවන විශාලතම ආසාදිත සංඛ්‍යාවයි. කලින් දියවැඩියා රෝගීන් නොවන කොරෝනා රෝගීන්ගෙන් සියයට 8 ත් 10 ත් අතර ප්‍රමාණයක රුධිර සීනි මට්ටම ඉහළ යාමක් දැකිය හැකියි. ඒ අනුව කොරෝනා වසංගතය අවසන් වීමෙන් පසු ඉන්දියාව තුල දියවැඩියා සුනාමියක් අපේක්ෂා කළ හැකි බවයි මුම්බායිහි දියවැඩියා රෝග විශේෂඥ රාහුල් බක්ෂි සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?