විදේශ රටකදී සිදුවන දික්කසාදය මෙරට පිළිගන්නවාද..?

විදේශ රටවලදී සිදුකෙරෙන දික්කසාද, විවාහ අවලංගු කිරීම් සහ අධිකරණමය වෙන්වීම් මෙරටදී පිළිගැනීම සඳහා අදාළ නීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය සූදානම් වනවා.

ඊට අදාළව නීතිමය විධිවිධාන පැනවිය හැකි පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීමට නියමිත අතර, එය නීති කෙටුම්පත් සම්පාදක විසින් සිදුකෙරෙනු ඇති.

ශ්‍රී ලංකාවේදී විවාහ වී ඉන් අනතුරුව විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවලදී විවාහ නඩු පවරා ලබා ගන්නා තීන්දු දැනට ශ්‍රී ලංකාව තුල පිළිගන්නේ නැහැ. ඒ හේතුවෙන් අදාළ පාර්ශවයන්ට දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකාව තුල එවැනි තීන්දුවක් අනුව කටයුතු කිරීමට නම් නැවතත් ඔවුන් ශ්‍රී ලංකාවේදී දික්කසාද නඩුවක් පැවරිය යුතුයි.

මෙම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහායි විදේශ දික්කසාද ශ්‍රී ලංකාව තුල පිලිගැනීම සඳහා වන නීතිමය විධිවිධාන සැලසීමට කටයුතු කෙරෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?