මම ආදරය කරපු කෙනාට පිළිකාවක් හැදුනා.. අන්තිමට මට අතින් අතට යන්න වුණා..

දෙයක් කරන්න කලින් දහස් වතාවත් හිතන්න ඕනේ කියලා කතාවට කියනවා.

ඒ විදිහට ජීවිතේ එක තැනක් වැරදුනු නිසා අදටත් වේදනා විදින තරුණියකගේ කතාවක් අපිට අහන්න ලැබුණා.

කවුද ඔයා…?

මම හොඳට ඉගෙන ගත්ත, වැදගත් පවුලක හැදිලා වැඩුණු තරුණියක්..

 

මොනවද දැන් කරන්නේ..?

ඇත්තටම කිව්වොත් මහත්තයෝ මම දැන් කරන්නේ මුදලට ඇඟ විකුණන එක..

 

ඒ තත්ත්වෙට පත්වුණේ කොහොමද..?

මම උසස් පෙළ කරලා ගෙදර හිටියේ.. මම උසස් පෙළ සමත්. මම රැකියාවකට අයදුම් කළා.. ඒ අයදුම් කරපු තැන මට රස්සාව ලැබුණා.. මම සේවය කළේ ගිණුම් සහයකවරියක් විදිහට.

 

එතන වැඩකරපු කෙනෙක් එක්ක ආදර සම්බන්ධතාවයක් ඇතිවුණා.

 

ඇත්තටම කිව්වොත් ඒ කෙනා දාහකින් හොයාගන්න බැරි කෙනෙක්.

ඒත් ගොඩක් දුප්පත් පවුලක. අම්මායි එයයි නංගියි විතරයි ඉන්නේ. අම්මට අංශභාගේ හැදිලා.. නංගි ඉගෙන ගන්නවා.

 

මේ සම්බන්ධය අපේ ගෙවල්වලින් දැනගත්තා. හැබැයි ඔහුට අපේ ගෙදරින් කැමති වුුණේ නෑ..

ඒත් අපි වෙනසක් නොවී ආදරේ කළා..

 

ටික කාලයක් යද්දි මම ආදරය කරපු අයියට අසනීප වෙන්න පටන් ගත්තා. එතකොට තමයි දැනගත්තේ එයාට මොලේ පිළිකාවක් කියලා.

 

බෙහෙත් කරන්න නොගිය තැනක් නෑ.. සිංහල බෙහෙත් කළා.. අන්තිමට එයාටවත් මටවත් අතේ වියදමටවත් සල්ලි නැතිව ගියා.. ඒත් මට එයා වෙනුවෙන් හැමදේම කරන්න ඕන වුණා.

 

බෙහෙත් ටික ගන්න සල්ලි නැතිවෙනකොට අපි ගොඩක් අසරණ වුුණා.. එයාට බෙහෙත් කරන්නම හැමතැනම යන්න නිවාඩු දාන්න වුණා. අන්තිමට මට රස්සාව නැතිවුණා.

 

එන්න එන්නම එයාගේ අසනීපේ වැඩිවුණා. බස් එකේ යන්නවත් සල්ලි නැතිවුණා.. අයියගේ අම්මටත් අසනීප තත්ත්වය වැඩිවුණා.. නංගිගේ ඉස්කෝලේ ගමන නැතිවුණා.

 

මේ ප්‍රශ්නත් එක්ක මමත් අසරණ වුුණා.. නොවිදිනා දුක් වින්දා.. ඒ අතරතුර මට දවසක් බස් එකේ කොළඹ ඉදන් එද්දි අයියා කෙනෙක් හම්බවුණා.

 

එයාව දැනගත්තේ මට එහා පැත්තේ හිටියේ එයා.. මට බස් එකට ටිකට් ගන්නවත් සල්ලි මදිවුණා.. එවෙලේ එයා මාත් එක්ක කතා කළා.. මම කිව්වා හැම විස්තරයක්ම.. එයා කිව්වා එයා දන්න ඩොක්ටර්ස්ලා ඉන්නවා.. 

 

එයාව හොද කරගන්න උදව් කරන්නම් කියලා.. සල්ලි වියදම් කරන්නක් කැමතිවුණා.. අන්තිමට මගේ අසරණකමට මම ආදරය කරපු කෙනාගේ ජීවිතේ බේරගන්න ඕන නිසා මට එයා එක්ක නිදාගන්න වුණා.. මම ආදරය කරපු කෙනා පරිස්සම් කරපු හැමදේම වෙන කෙනෙක් ඉස්සරහා නැතිවෙලා ගියා.. හැබැයි එයා සල්ලි දුන්නා.. 

 

අම්මට බෙහෙත් කරන්න පුළුවන් වුණා.. නංගිගේ ඉස්කෝලේ ගමන ආයෙමත් පටන් ගත්තා.. මට පුළුවන් වුණා එයාලට හයියක් වෙන්න.. දවසක් මේ කෙනා එයාගේ යාළුවෙක් එක්ක ඉන්න කියලා බල කළා.. මම බෑ කිව්වම එයා මගේ හොරෙන් ගත්ත පින්තූරයක් පෙන්නලා කිව්වා මේක හැමතැනම යවනවා කියලා.. මම බය වුණා.. මගේ අම්මට තාත්තට මුහුණදෙන්න බැරිවෙයි කියලා හිතුවා.. අන්තිමට මට අතින් අතට යන්න වුණා..

 

මේ වෙද්දි මම ආදරය කරපු කෙනා මේ ලෝකේ නෑ.. ඒත් එයාගේ අම්මා නංගීව මම ජීවත් කරවනවා.. මිනිස්සු අපිට පිහිට වෙන්න ලං වෙන්නේ ආදරේට නෙවෙයි.. අපෙන් දේවල් බලාගෙන. ඇත්තම කතාව ඔන්න ඕකයි මහත්තයෝ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සේවකයින්ට ප#ර දුන් සිද්ධියට Mr. කොත්තු හිමිකරු අත්අඩංගුවට
02:15
Video thumbnail
නිදහස් පක්ෂය බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නේ - නීති විරෝධීයි
03:31
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම චණ්ඩි
01:46
Video thumbnail
අනුර - සජිත් හමුවෙයි.. විශේෂ සාකච්ඡාවක්
04:29
Video thumbnail
අපේ ඉලක්කය වසර 5 තුළදි හෙද සේවයට 13600ක් බැඳවා ගැනීම l Nalinda Jayatissa
13:41
Video thumbnail
තෙල් මිල අඩු කරන්න එපා, රු 650ක් වෙනකම් වැඩි කරන්න
04:00
Video thumbnail
ජනාධිපතිතුමා කරපු වැඩේ දැකලා මිනිස්සු පුදුම වෙයි
01:16
Video thumbnail
අතුරුගිරියේ නිවසකින් අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි - කොහොමද බයික් ටික?
02:22
Video thumbnail
මගේ පැන්ට්‍රියට එන ඇමතිවරු දැන් ඉන්නේ - ආපු ගමන් අහන්නේ කෑම ගැන
04:19
Video thumbnail
නාමල් විතරයි ජනතාව වෙනුවෙන් ආවේ - මිහින්තලේ හිමි ආණ්ඩුව සැරටම අමතයි
12:51