මම ආදරය කරපු කෙනාට පිළිකාවක් හැදුනා.. අන්තිමට මට අතින් අතට යන්න වුණා..

දෙයක් කරන්න කලින් දහස් වතාවත් හිතන්න ඕනේ කියලා කතාවට කියනවා.

ඒ විදිහට ජීවිතේ එක තැනක් වැරදුනු නිසා අදටත් වේදනා විදින තරුණියකගේ කතාවක් අපිට අහන්න ලැබුණා.

කවුද ඔයා…?

මම හොඳට ඉගෙන ගත්ත, වැදගත් පවුලක හැදිලා වැඩුණු තරුණියක්..

 

මොනවද දැන් කරන්නේ..?

ඇත්තටම කිව්වොත් මහත්තයෝ මම දැන් කරන්නේ මුදලට ඇඟ විකුණන එක..

 

ඒ තත්ත්වෙට පත්වුණේ කොහොමද..?

මම උසස් පෙළ කරලා ගෙදර හිටියේ.. මම උසස් පෙළ සමත්. මම රැකියාවකට අයදුම් කළා.. ඒ අයදුම් කරපු තැන මට රස්සාව ලැබුණා.. මම සේවය කළේ ගිණුම් සහයකවරියක් විදිහට.

 

එතන වැඩකරපු කෙනෙක් එක්ක ආදර සම්බන්ධතාවයක් ඇතිවුණා.

 

ඇත්තටම කිව්වොත් ඒ කෙනා දාහකින් හොයාගන්න බැරි කෙනෙක්.

ඒත් ගොඩක් දුප්පත් පවුලක. අම්මායි එයයි නංගියි විතරයි ඉන්නේ. අම්මට අංශභාගේ හැදිලා.. නංගි ඉගෙන ගන්නවා.

 

මේ සම්බන්ධය අපේ ගෙවල්වලින් දැනගත්තා. හැබැයි ඔහුට අපේ ගෙදරින් කැමති වුුණේ නෑ..

ඒත් අපි වෙනසක් නොවී ආදරේ කළා..

 

ටික කාලයක් යද්දි මම ආදරය කරපු අයියට අසනීප වෙන්න පටන් ගත්තා. එතකොට තමයි දැනගත්තේ එයාට මොලේ පිළිකාවක් කියලා.

 

බෙහෙත් කරන්න නොගිය තැනක් නෑ.. සිංහල බෙහෙත් කළා.. අන්තිමට එයාටවත් මටවත් අතේ වියදමටවත් සල්ලි නැතිව ගියා.. ඒත් මට එයා වෙනුවෙන් හැමදේම කරන්න ඕන වුණා.

 

බෙහෙත් ටික ගන්න සල්ලි නැතිවෙනකොට අපි ගොඩක් අසරණ වුුණා.. එයාට බෙහෙත් කරන්නම හැමතැනම යන්න නිවාඩු දාන්න වුණා. අන්තිමට මට රස්සාව නැතිවුණා.

 

එන්න එන්නම එයාගේ අසනීපේ වැඩිවුණා. බස් එකේ යන්නවත් සල්ලි නැතිවුණා.. අයියගේ අම්මටත් අසනීප තත්ත්වය වැඩිවුණා.. නංගිගේ ඉස්කෝලේ ගමන නැතිවුණා.

 

මේ ප්‍රශ්නත් එක්ක මමත් අසරණ වුුණා.. නොවිදිනා දුක් වින්දා.. ඒ අතරතුර මට දවසක් බස් එකේ කොළඹ ඉදන් එද්දි අයියා කෙනෙක් හම්බවුණා.

 

එයාව දැනගත්තේ මට එහා පැත්තේ හිටියේ එයා.. මට බස් එකට ටිකට් ගන්නවත් සල්ලි මදිවුණා.. එවෙලේ එයා මාත් එක්ක කතා කළා.. මම කිව්වා හැම විස්තරයක්ම.. එයා කිව්වා එයා දන්න ඩොක්ටර්ස්ලා ඉන්නවා.. 

 

එයාව හොද කරගන්න උදව් කරන්නම් කියලා.. සල්ලි වියදම් කරන්නක් කැමතිවුණා.. අන්තිමට මගේ අසරණකමට මම ආදරය කරපු කෙනාගේ ජීවිතේ බේරගන්න ඕන නිසා මට එයා එක්ක නිදාගන්න වුණා.. මම ආදරය කරපු කෙනා පරිස්සම් කරපු හැමදේම වෙන කෙනෙක් ඉස්සරහා නැතිවෙලා ගියා.. හැබැයි එයා සල්ලි දුන්නා.. 

 

අම්මට බෙහෙත් කරන්න පුළුවන් වුණා.. නංගිගේ ඉස්කෝලේ ගමන ආයෙමත් පටන් ගත්තා.. මට පුළුවන් වුණා එයාලට හයියක් වෙන්න.. දවසක් මේ කෙනා එයාගේ යාළුවෙක් එක්ක ඉන්න කියලා බල කළා.. මම බෑ කිව්වම එයා මගේ හොරෙන් ගත්ත පින්තූරයක් පෙන්නලා කිව්වා මේක හැමතැනම යවනවා කියලා.. මම බය වුණා.. මගේ අම්මට තාත්තට මුහුණදෙන්න බැරිවෙයි කියලා හිතුවා.. අන්තිමට මට අතින් අතට යන්න වුණා..

 

මේ වෙද්දි මම ආදරය කරපු කෙනා මේ ලෝකේ නෑ.. ඒත් එයාගේ අම්මා නංගීව මම ජීවත් කරවනවා.. මිනිස්සු අපිට පිහිට වෙන්න ලං වෙන්නේ ආදරේට නෙවෙයි.. අපෙන් දේවල් බලාගෙන. ඇත්තම කතාව ඔන්න ඕකයි මහත්තයෝ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?