කොවිඩ් ආසාදනය වූ තවත් වෛද්‍යවරයෙකු දිවි ගමනට සමුදෙයි

ගලිගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පත්ම ශාන්ත මහතා කෝවිඩ් – 19 වයිරසය ආසාදනය වී පේරාදෙණිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අභාවප්‍රාප්ත වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

කෑගල්ල, ගලිගමුව අඹන්පිටිය ග්‍රාමයේ පදිංචිව සිටි වෛද්‍ය පත්ම ශාන්ත මහතා 54 හැවිරිදි වියේ පසුවුවා.

ගලිගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කලක සිට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු ඇති වෛද්‍යවරයා දෙදරු පියෙකු වන අතර ඔහුගේ බිරිද ද කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරියක් වනවා..

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් ඉකුත් අගෝස්තු 04 වෙනිදා පේරාදෙණිය මහ රෝහලට ඇතුළත් කරනු ලැබූ වෛද්‍ය පද්ම ශාන්ත මහතා එහි හදිසි හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?