මරණ සම්භාවිතාව 88%ක ඉහළ අගයකින් යුත් වෛරස ප්‍රභේදයක් වාර්තා වෙයි

මාරාන්තික ඉබෝලා වෛරසය කාණ්ඩයට අයත් “මාබර්ග්” නමැති වෛරස් රෝගය අප්‍රිකානු ගිනියා රාජ්‍යයෙන් වාර්තා වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටිනවා.

පසුගිය අගෝස්තු 02 වනදා රෝගාතුරව මියගිය ගිනියා ජාතික පුද්ගලයෙකුගේ රුධිර සාම්පල වලින් මෙම වෛරසය හමුවූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටියි. එහි පැතිරීම වැළැක්වීම සඳහා පියවර ගත යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ Matshidiso Moeti ප්‍රකාශ කළේ.

මෙම මාබර්ග් වෛරසයෙන් මරණයට පත්වීමේ සම්භාවිතාව 88% ක් තරම් ඉහළ අගයක පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. 

මෙම වෛරසය කොරෝනා වෛරසය මෙන් වවුලන්ගෙන් සහ වඳුරන් ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් ලෙසයි සලකනු ලබන අතර වෛරසය මිනිසාගෙන් මිනිසාට මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

මාබර්ග් රෝග ලක්‍ෂණ ලෙස අධික උණ සහ මාංශ පේශි වේදනාව ප්‍රධාන වන අතර ඇතැම් රෝගීන් ගේඇස් සහ කන් වැනි ශරීර විවරයන් තුළින් රුධිරය ගලා එන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මෙම වෛරසය ආසාදනය වීමේ බීජෞෂණ කාලය දින 2 – 21ක් පවතින බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.

මෙම නව වෛරසය මතුව ඇත්තේ යළිත් වරක් මතුවූ ඉබෝලා වෛරසයෙන් පිඩා විදි ගිනියා රාජ්‍ය ඉන් නිදහස් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර මාස දෙකකින් අනතුරුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51