ඉදිරිය දෙවියන්ට බාරයි..! ඇඳිරිනීතිය පනවන්නේ නෑ..එන්නත්කරණයට ප්‍රමුඛතාවය

මේ මොහොතේ රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට අදහසක් නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

මෙම ප්‍රශ්නයේදී රජයට ඇති අවසන් විකල්පය වන්නේ නිරෝධායන ඇඳිරි නීතිය බවද ඔහු පැවසීය.

මේ මොහොතේ රජයේ වැඩි අවධානය යොමුව ඇත්තේ ඉක්මනින්ම ජනතාව එන්නත්කරණට ලක් කිරීම බැවිනි අවශ්‍ය පහසුකම් ලබාදීමෙන් පසු ඉදිරිය දෙවියන්ට භාර දෙන බවද ඔහු කියා සිටියේය.

වසංගතය පාලනයට ඇඳිරිනීතිය පනවන්නේ අත්‍යාවශ්‍යම තත්වයක් ඇතිවුවහොත් පමණක් බවද ඔහු එහිදී පැවසීය.

ඇදිරි නීතිය පනවන්නේදැයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යවේදියෙකු කල විමසීමට ප‍්‍රතිචාර ලෙස ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?