කොරෝනා අවදානම නිසා හදිසියේ වසා දැමු නගරය මෙන්න

බුත්තල, ඔක්කම්පිටිය නගරයේ ඇති සියලු ම වෙළඳසැල් අද (10) පස්වරු හයේ සිට තාවකාලික ව වසා තැබීමට ඔක්කම්පිටිය නගරයේ වෙළඳසැල් හිමියන් විසින් පියවර ගෙන තිබෙනවා.
ඔක්කම්පිටිය නගරය ආශ්‍රිත ව දැඩි කොවිඩ් අවදානම් තත්ත්වය නිසා මෙම පියවර ගෙන ඇති අතර ඇතැම් වෙළඳසැල් හිමියන් විසින් අද දහවල් කාලයේ සිට ම වෙළඳසැල් වසා තැබීමටයි  කටයුතු කර ඇත්තේ.  ඔක්කම්පිටිය නගරයේ ප්‍රජාව ආශ්‍රිත ව ඊයේ දින සිදු කළ රැපිඩ් පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයින් දාහත් දෙනෙකු වාර්තා වුණා. එමෙන්ම බුත්තල ප්‍රදේශයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ හැත්තෑ නවයකින් කොවිඩ් ආසාදිතයින් ලෙස හැත්තෑ දෙදෙනකු හඳුනාගෙන ඇති බව සඳහන්. මෙම තත්ත්වයන් හේතු කරගනිමින් ඔක්කම්පිටිය වෙළඳ සංගමය මඟින් මෙම තීරණය ගෙන ඇති අතර වෙළඳසැල් විවෘත කරන දිනයක් ඉදිරියේ දී ජනතාවට දැනුම් දෙන බවට ඔක්කම්පිටිය වෙළඳ සංගමයේ සභාපති ඩී.එම්.පී.ජී දිසානායක පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?