කාලගුණ වෙනස නිසා රටවල් රැසක් මිහිපිටින් අතුරුදන්වීමේ අවධානමක්

කාලගුණ වෙනසේ බලපෑමෙන් ලොව දූපත් රාජ්‍ය රැසක් මිහිපිටින් අතුරුදන්වීමේ අවදානමට ලක්ව තිබෙනවා.

ඊයේ ප්‍රකාශයට පත්කෙරුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්තර් රාජ්‍ය කාලගුණ වෙනස පිළිබඳ කමිටු වාර්තාවෙන් මේ බව අවධාරණය කෙරුණා.

එමඟින් සඳහන් කළේ මිහිතලය උණුසුම් වීම නිසා මේ සියවස අවසාන වනවිට සාගර ජල මට්ටම මීටර් දෙකකින් පමණ ඉහළ යෑම බැහැර කළ නොහැකි කරුණක් බවයි.

එම තත්ත්වය වැළැක්වීමට නම් හරිතාගාර වායු මුක්තවීම කැපී පෙනෙන ලෙස අඩු කළ යුතුයි.

කාලගුණ වෙනස පිළබඳ ජගත් සංවිධාන වාර්තාව ප්‍රකාශයට පත් කෙරුණේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන කෝප් 26 ලෝක කාලගුණ සමුළුව පැවැත්වීමට මාස 03 ක් තිබියදීයි.

මේ නිසා කාලගුණ වෙනසේ බලපෑමට ඍජුවම ලක්වන රටවල් එහිදී කෙටුම්පත් කළ යුතු පියවර රැසක් දැනටමත් යෝජනා කර තිබෙනවා.

සාගර ජල මට්ටම ඉහළ යෑමෙන් මිහිපිටින් අතුරුදන් විය හැකි දූපත් රාජ්‍යයක් වන මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ප්‍රකාශ කළේ වෙනත් කිසිවෙකුගේ කාබන් නිකුත් කිරීම් වෙනුවෙන් මාලදිවයින් වාසීන්ට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව ඇති බවයි.

මේ නිසා තම රට මිහිපිටින් අතුරුදන්වීම ආසන්නයට පැමිණ ඇති බවට ඔහු චෝදනා කළා.

කාලගුණ වෙනස පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටු වාර්තාවට අනුව උණුසුම් වා-දහර, දැඩි වර්ෂාපතනය සහ නියඟ ඉදිරියේදී ඉතා දරුණු ලෙස නිරන්තරයෙන් සිදුවිය හැකියි.

ජගත් සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් මෙම තත්ත්වය හැඳින්වූයේ මානව සංහතියට නිකුත් කෙරුණු රතු එලියක් ලෙසයි.

ඉදිරි දශක දෙක තුළ මිහිතලයේ උෂ්ණත්වය පූර්ව කාර්මිකකරණ මට්ටමේ සිට සෙල්සියස් අංශක එකයි දශම පහ ඉක්මවා ඉහළ යනු ඇති බව ඊයේ නිකුත් කෙරුණු ජගත් කාලගුණ වාර්තාවේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෝනා Pregnant..එක්කන් යද්දි කඩාගෙන වැටුණේ - නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:42
Video thumbnail
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ පනහක් ලබා ගැනීමේ වැඩසටහන
00:40
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43