2022 වසරටත් වාහන ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ

එළැඹෙන වසර (2022) සඳහා ද වාහන ආනයනය තහනම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කරයි. මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගලගේ අත්සනින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයට අනුව 2022 වසර සඳහා රජය විසින් ආනයනය සඳහා අනුමැතිය ලබාදෙනු ලබන්නේ අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා වූ වාහන පමණකි.

ඒ අනුව මහා භාණ්ඩාගාරය අවශ්‍යතාවන් හඳුනා ගනිමින් කරනු ලබන නිර්දේශයන්ට අනුව ට්‍රැක්ටර්, ට්‍රක් රථ, ගිලන් රථ, කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය වාහන සහ වෙනත් අත්‍යවශ්‍ය වාහන පමණක් සීමා සහිත ලෙස ආනයනය කෙරෙනු ඇත.

එසේම මෙම චක්‍රලේඛය ඔස්සේ සියලුම රාජ්‍ය ආයතනවලට ලබාදී ඇති උපදෙස්වලට අනුව කිසිදු වාහනයක් මිලදී ගැනීමේ හැකියාවක් නැත. සියලුම රජයේ ආයතනවලට 2022 වසර සඳහා කාර්යාල ගෘහභාණ්ඩ, කාර්යාල උපකරණ මෙන්ම වෙනත් අමතර වියදම් සඳහා ද අවසර නැත.

රාජ්‍ය ආයතන විසින් සියලු මෝටර් රථ අවශ්‍යතාවන් සපුරාගත යුත්තේ දැනට පවතින මෝටර් රථ නඩත්තු කරමින් සහ නවීකරණය කරමින් බවද මුදල් ලේකම්වරයා නිකුත් කළ මෙම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් කර ඇත. අදාළ චක්‍රලේඛය මුදල් ලේකම්වරයා සියලුම අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ සහ පළාත් සභා ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, සියලුම සංස්ථා හා මණ්ඩල ප්‍රධානීන්ට යොමුකර තිබේ.

  1. මදැයි වාහන පහක් පමන ගන්න සල්ලිත් ලෑස්ති කරන් බලන් හිටියා; දෙන් ඉතින් බර කරත්ත දහයක් වත් ගන්න ඔනෙ ; සජබෙ ඉන්න හරක් ටික වත් අද්ද ගන්න

  2. මදැයි වාහන පහක් පමන ගන්න සල්ලිත් ලෑස්ති කරන් බලන් හිටියා; දෙන් ඉතින් බර කරත්ත දහයක් වත් ගන්න ඔනෙ ; සජබෙ ඉන්න හරක් ටික වත් අද්ද ගන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51