රාජ්‍ය ආයතන වෙත සේවකයින් කැඳවීම සංශෝධනය වෙයි

කොරෝනා ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය ආයතන වෙත සේවකයින් කැඳවීමේදී සිදුකළ සංශෝධන අද සිට  ක්‍රියාත්මක වනවා.

මීට අදාළ චක්‍රලේඛය ඉකුත් 6 වනදා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි විසින් අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාංශ, පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ප්‍රධානීන් මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කෙරුණා.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල සේවකයින් අවම වශයෙන් සතියකට දින තුනක්, වාර්තාකළ යුතු වන ආකාරයට කණ්ඩායම් සකසා එම කණ්ඩායම් ආයතනයේ සේවය අඛණ්ඩව සැපයීමට හැකි ආකාරයට සේවයට කැඳවිය යුතු වනවා.

එසේම ගර්භනී සහ වයස අවුරුදු එකට  අඩු ළදරුවන් සිටින මව්වරුන් සේවයට නොකැඳවීමට පියවර ගත යුතුයි.

එසේම සැක කටයුතු රෝග ලක්ෂණයකින් පෙළෙන බවට අනුමාන කළ හැකි සේවකයින් සේවයට නොකැඳවීමේ බලය ආයතන ප්‍රධානීන් වෙත පැවරෙන බවයි රාජ්‍ය සේවා අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛයෙන් දැනුම්දී තිබුණේ.

මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ බස්  රථවල ආසන සංඛ්‍යාවට වඩා මගීන් රැගෙන යන රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන  බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයාද නඩු තීන්දු දෙන්නෙ ? හැකර් තමා එයා..කෙඳිරිගාලා හරියන්නේ නෑ..නාමල් සැරටම කිව්ව දේ
04:50
Video thumbnail
නාමල් මහ වැස්සේ තෙමීගෙන දොම්පෙට ගිය හැටි..පස් පව්වලින් වැලකෙන අපේ නායකයා..ජය
02:08
Video thumbnail
වෙන්න ගිය බිහිසුණු අනතුර..මෙතන කවුද වැරදි ?
00:24
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න
01:07
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජාවක් නෑනේ..යෙදුවුම් නෑ නිමැවුම් විදියට එන්නේ නාස්තිය..ශිරාල් ලක්තිලකගෙන් සැර කතාවක්
05:46
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න .. ඖෂධ ගබඩාව අළුවෙලා ගිහින්
01:36
Video thumbnail
දැක්කද අගමැතිතුමිය බගියේ නැගලා යද්දී ගාඩ්ලා පස්සෙන් දුවනවා
01:14
Video thumbnail
ජනාධිපතිතුමාව ඇතුලට දාන්න ඕනේ - අධිකරණයට අපහාස කරලා
07:13
Video thumbnail
අපි පැය 24න් හැකර්ව ඇල්ලුවා.. මේ ආණ්ඩුවට අත්දැකීමක් නෑනේ
04:09
Video thumbnail
මේ ආණ්ඩුව හැමදේම පැලවත්තකරණය කරගෙන යනවා
07:43