අඩි දෙකක් විතර දිග පණුවෙක් බලාගෙන ඉද්දීම පුතාගේ කටින් ආවා

අඩි දෙකක් පමණ දිගැති කොකු පණුවන් කිහිපදෙනකු නාසයෙන් මුඛයෙන් හා ගුද මාර්ගයෙන් පිටතට පැමිණි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි මාස 10ක් වයසැති කුඩා පිරිමි දරුවකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. 

දරුවාගේ මියයෑම සම්බන්ධයෙන් කොළඹ හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා සමරවීර මහත්මිය හමුවේ පැවැති සාක්ෂි විමසීමකදී මෙම සිද්ධිය අනාවරණය විය. කොකු පණු රෝගය ඉතා දරුණු ලෙස උත්සන්නවීම හේතුවෙන් එසේ මියගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ගැමුණු පටුමඟ ප්‍රදේශයේ පදිංචි දරුවන් හත් (7) දෙනකුගෙන් යුත් පවුලක ළාබාලම දරුවා වන මොහොමඩ් අයියුබ් නමැති මාස දහයක දරුවෙකි.

ඉකුත් 05 වැනිදා පස්වරුවේ මෙම දරුවාගේ මුඛයෙන් අඩි 2ක් පමණ දිගැති පණුවකු පිටතට පැමිණෙනවා දුටු එම දරුවාගේ මව දරුවාව පෞද්ගලික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එම වෛද්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව දරුවාව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බවත් හදිසි මරණ පරීක්ෂක කාර්යාලයේදී අනාවරණය විය.

දරුවා රෝහල වෙත ගෙන යෑමත් සමඟ දරුවාගේ නාසයෙන් තවත් එවැනිම ආකාරයේ අඩි 2ක් පමණ දිගැති පණුවන් දෙදෙනකු පිටතට පැමිණ ඇති බවද ඒ මොහොතේම දරුවා මියගොස් ඇති බවද සාක්ෂියේදී අනාවරණය විය.

දරුවා මළපහ කරන විට මීට පෙරද ඔහුගේ ගුද මාර්ගයෙන් මෙවැනි දිගැති පණුවන් පිටතට පැමිණෙන අයුරු දුටු බවද දරුවාගේ මව හදිසි මරණ පරීක්ෂණයේදී ලබාදුන් සාක්ෂි මඟින් හෙළි කෙරිණි.

මෙම දරුවන් ඇතුළු පිරිස කුඩා නිවෙසක ජීවත්වීම, දැඩි අගහිඟතාවෙන් යුතුවීම, නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම නිසි කලට වේලාවට පණු බෙහෙත් ලබානොදීම, මන්දපෝෂණය යන කරුණු කාරණා හේතුකොට ගෙන ඇතිවූ දරුණු කොකු පණු රෝගයක් හේතුවෙන් දරුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවද හදිසි මරණ පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබිණි. 

වෛද්‍ය විද්‍යාව හා සෞඛ්‍ය හුරු පුරුදු දියුණුව තිබෙන කාලයක මෙන්ම උසස් සමාජ තත්ත්වයක්් තිබෙන කාලයක අවුරුද්දකට අඩු දරුවකුගේ නාසයෙන්, මුඛයෙන් හා ගුද මාර්ගයෙන් අඩි 2ක් පමණ දිගැති කොකු පණුවන් පිටතට පැමිණීම ඇදහිය නොහැකි තත්ත්වයක් බවද මවුපියන් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් විය යුතු බවද කොළඹ හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා සමරවීර මහත්මිය සිය හදිසි මරණ පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබිණි.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ කොස්තාපල් ධර්මතිලක (71298) පැමිණිල්ල මෙහෙයවීය. 

කුමුදු උපුල් ශාන්ත

මව්බිම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51