AFC Banner
AFC Banner
Empty Ad

ඇත් රජු නැඳුන්ගමු සිරි දළදා කරඬුව වැඩම වීමට යන වගයි

නැදුන්ගමුවේ රාජා හස්තියා මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සඳහා මහනුවර බලා ගමන් අරඹා ඇත.

දින නවයක් පුරා පා ගමනින් මහනුවර බලා යන හස්තියා දිනකට කිලෝ මීටර් 10 ක දුරක් ගමන් කරන බවත් දින අටක් විහාරස්ථාන ඇතුලු සූදානම් කළ ස්ථානවලදී රාත්‍රීය ගත කිරීම සිදු කරන බවත් හිමිකරු ධර්මවිජය මහතා පැවසීය.

දැනට 67 වෙනි වියෙහි පසුවන රාජා හස්තියා ආසියාවේ සිටින විශාලතම ඇතා ලෙස සැලකෙන බවත් හස්තිරාජයාගේ ආරක්ෂාව පතා සෑම පෙරහරක් සදහාම පා ගමනින් රැගෙන යාම සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

රටේ පවතින කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් ජනතාව මගහරිමින් වරකාපොල දක්වා අතුරු මාර්ග ඔස්සේ රැගෙන ගොස් එතැන් පටන් මහනුවර මාර්ගයෙන් නුවර බලා ගමන් ගැනීමේ දී සහ ආපසු රැගෙන ඒමේදී හස්තියාට පොලීසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදාව මගින් රැකවරණය ලබා දෙන බවද වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?