ඇත් රජු නැඳුන්ගමු සිරි දළදා කරඬුව වැඩම වීමට යන වගයි

නැදුන්ගමුවේ රාජා හස්තියා මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සඳහා මහනුවර බලා ගමන් අරඹා ඇත.

දින නවයක් පුරා පා ගමනින් මහනුවර බලා යන හස්තියා දිනකට කිලෝ මීටර් 10 ක දුරක් ගමන් කරන බවත් දින අටක් විහාරස්ථාන ඇතුලු සූදානම් කළ ස්ථානවලදී රාත්‍රීය ගත කිරීම සිදු කරන බවත් හිමිකරු ධර්මවිජය මහතා පැවසීය.

දැනට 67 වෙනි වියෙහි පසුවන රාජා හස්තියා ආසියාවේ සිටින විශාලතම ඇතා ලෙස සැලකෙන බවත් හස්තිරාජයාගේ ආරක්ෂාව පතා සෑම පෙරහරක් සදහාම පා ගමනින් රැගෙන යාම සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

රටේ පවතින කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් ජනතාව මගහරිමින් වරකාපොල දක්වා අතුරු මාර්ග ඔස්සේ රැගෙන ගොස් එතැන් පටන් මහනුවර මාර්ගයෙන් නුවර බලා ගමන් ගැනීමේ දී සහ ආපසු රැගෙන ඒමේදී හස්තියාට පොලීසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදාව මගින් රැකවරණය ලබා දෙන බවද වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14