රජයේ රෝහලක් වසා දමයි

කොවිඩ් වසංගත තත්ත්වය ඉහළ ගිය පසුබිම යටතේ රෝගීන්ගෙන් වාට්ටුවලට අමතරව රෝහල් භූමිද මේ වනවිට පිරී යමින් පවතිනවා.

එවන් තත්ත්වයක්  තුල රෝහලක් වසා දැමීමෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට පත්ව සිටින පුවතක් පිළිබඳවයි.

මේ සබරගමුව පළාත් සභාවෙන් පාලනය වන බලංගොඩ, පෙට්ටිගල රජයේ රෝහලයි.

ජනතා බදු මුදලින් රෝහලේ ගොඩනැගිලි ස්ථාපිත කර තිබුන ද මෙහි ඖෂධ නිකුත් කිරීම සඳහා වෛද්‍යවරයෙක් නොමැති කමින් ප්‍රදේශවාසී ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා..

ඔවුන් පවසන්නේ පසුගිය කාලයේදී රුපියල් ලක්ෂ 57 ක වියදමින් මෙහි ගොඩනැගිලි ද අළුත්වැඩියා කර ඇති බවයි.

වෛද්‍යවරයෙක් නොමැතිව අතහැර දැමීම හේතුවෙන් මෙම රෝහල මේ වනවිට කැලෑවට ගොස් ඇත්තේ මේ අයුරින්.

ඒ සමග මෙම භූමිය සමාජ විරෝධීන්ගේ හා මත්ලෝලීන්ගේ තෝතැන්නක් වී ඇති බවටයි ජනතාව චෝදනා කරන්නේ.

මීට කලකට පෙර වෛද්‍යවරයෙකු මෙම ස්ථානය භාරව සිටි සමයේ ප්‍රදේශයේ පවුල් 400 කට පමණ මෙම රෝහලෙන් සෙත සැලසී තිබුනා.

එහෙත් මේ වනවිට ඔවුන්ට සිදුව ඇත්තේ විශාල මුදලක් වැය කර ප්‍රතිකාර සදහා බලංගොඩ රෝහලට පැමිණීමටයි.

මෙම පුවත හරහා හෝ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී පෙට්ටිගල රෝහලට වෛද්‍යවරයෙකු ලබාදුන හොත් පීඩාවට පත්ව සිටින මෙම ජනතාවට එය මාහැගි උපකාරයක් වනු ඇති



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36