රටම ලොක්ඩවුන් වෙයිද ? රජයේ තීරණය මෙන්න

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5000සේ සීමාවට ළඟා වී තිබෙනවා. ඒ, ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ 98ත් සමඟයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් පසුගිය 5 වන දා තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ 98ක් ඊයේ ප්‍රකාශයට පත් කිරීමත් සමග මෙරට සමස්ත කෙරෝනා මරණ සංඛ්‍යාව 4919 දක්වා ඉහළ ගියා.
මිය ගිය පිරිසෙන් 70 දෙනෙකුම අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඊයේ නව ආසාදිතයින් 2794 දෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව තුන්ලක්ෂ 24,223ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින්ගෙන් 2792 නෙකු අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි දෙදෙනෙකු ද ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව ආසාදිතයින් 31,095ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව දෙලක්ෂ 88,307ක්.

මේ අතර, පවතින තත්ත්වය පිළිබද අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ කඩිනමින් රට වසා දැමීම සිදුනොකළහොත් තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බවයි.

මේ අතර, ඇතැම් රෝහල්වල මෘත ශරීරාගාරවල ඇති අධි ශීතකරණ, මෘතදේහවලින් පිරී පවතින බව වාර්තා වනවා.

අදහස් දක්වමින් වෛද්‍යවරු සඳහන් කරන්නේ, අනන්‍යතාවය තහවුරු නොකළ හා තම ඥාතීන් ස්වං නිරෝධායනය වෙමින් පවතින අයගේ සිරුරු මෙසේ ගොඩ ගැසී පවතින බවයි.

මේ අතර, මොරටුව ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සදහන් කළේ රට වසා දැමීමට කටයුතු කළහොත් අඩු ආදායම් ලබන සහ දෛනික ආදායම් ලබන බොහෝ පිරිසක් දැඩි අපහසුතාවකට ලක් වන බවයි.

ඒ හේතුවෙන් කළ යුත්තේ රට වසා දැමීමේ තත්ත්වයකට නොයන පරිදි සියළු දෙනා එක්ව කටයුතු කිරීම බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර, පවතින තත්ත්වය පිළිබදව වැඩි සැලකිල්ලක් දක්වන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්ද ගර්භනී මව්වරුන්ගෙන් ඉල්ලීමක් කළා.

  1. රට වහලා බඩගින්නේ ඉදලා හරි මේ මැරෙන ජීවිත බේරා ගන්නෙ නැත්තේ ඇයි. කෙනෙක් මැරුනාම ඒ වේදනාව ගෙදර අයට විතරක් නිසා හැම කාටවත් ඒ ගැන ගානක් නෑ …….😭😭😭😭



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51