ටීනියා රෝග ලක්ෂණ පවතින්නේ නම් ඔබ කල යුතු දේ මෙන්න

දිලීරයකින් බෝවන ටීනියා හුදෙක් චර්ම රෝගයක් මිස කොරෝනා වසංගතය සමඟ ඍජු සම්බන්ධතාවක් නොමැති බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා.
මිනිසුන්, සතුන් සහ පසෙහි ඇති දිලීර විශේෂයක් නිසා මෙම චර්ම රෝගය ඇතිවන අතර, නියපොතු, හිස කෙස් සහ සමෙහි බාහිර ස්ථරය තුළ එය වැඩෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

සම කැසීම, රතු පැහැ ලප හටගැනීම, දහදිය වැඩි වශයෙන් හටගන්නා ස්ථානවල මෙම රෝග ලක්ෂණ වැඩි වශයෙන් පවතින අතර, ඕනෑම වයස් කාණ්ඩයකට එය ඇතිවිය හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

සම පිරිසිඳුව හා තෙත් බවින් තොරව පවත්වාගැනීම, ඇඳුම් ඇතුලු දෑ හවුලේ පරිහරණයෙන් වැළකීම, සිරුරට සිර නොවන ඇඳුම් භාවිතය, සුරතල් සතුන් අනවශ්‍ය ලෙස සිරුරට ළං කර නොගැනීම හරහා මෙම රෝගයෙන් වැළකිය හැකියි විශේෂඥ වෛද්‍යවරු කියා සිටියේ.

මෙය රෝගය නිට්ටාවට සුවකළ හැකි බැවින් රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍යවරයෙකු හමුවන ලෙසට චර්ම රෝග විශේෂඥවරුන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25