ආණ්ඩුවට සල්ලි නෑ.. අපි ඉන්නේ අර්බුදයක

ගුරු විදුහල්පති වැටුප් ඉහළ දැමීම මේ මොහොතේ කළ නොහැකි බවත් රටේ පවතින මුදල් අර්බුදය අනුව එම තත්ත්වය ඇතිවී තිබෙන බවත් ඇමැති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේ දී ඉදිරි අයවැයේ දී ඒ පිළිබඳව සලකා බැලීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ඔහු පැවසීය.

ගුරු විදුහල්පති ඉල්ලීම ලබාදීමට රුපියල් බිලියන 56 ක මුදලක් අමතරව යන බවත් එතරම් මුදලක් මේ මොහොතේ වැය කිරීමට ආණ්ඩුවට හැකියාවක් නැති බවත් ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ පැවති කැබිනට් හමුවෙන් අනතුරුව පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?