ලෝකයටම කොරෝනා බෝ කළ වූහාන්වලින් අලුතෙන් කොරෝනා මතු වෙයි

චීනයේ නගර 20 කින් සහ පළාත් 18 කින් ‘කොවිඩ් 19 ඩෙල්ටා’ ආසාදිතයන් හමුවී ඇතැයි චීන සෞඛ්‍ය අංශ පවසයි.
2019 දෙසැම්බරයේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වුණු චීනයේ වූහාන් නුවරින් ද මේ වනවිට ‘ඩෙල්ටා’ ආසාදිතයන් අට දෙනකු හමුවී ඇති බව ද සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පෙන්වා දෙනවා.

පසුගිය සඳුදුා (2) දිනයේ පමණක් චීනයෙන් දේශීයව හඳුනා ගත් කොරෝනා ආසාදිතයන් ගණන 55 ක් යැයි පැවැසෙයි. වූහාන් නුවර වයිරස ව්‍යාප්තියට හේතුව සංක්‍රමණික සේවකයන් පිරිසක් බවත්, වයිරස ව්‍යාප්තිය ආරම්භ වී ඇත්තේ දුම්රිය ස්ථානයක් කේන්ද්‍රකොට ගනිමින් බවත් සිදු කළ විමර්ශනවලිවන් අනාවරණය වී ඇති බවයි සඳහන් වන්නේ.

ආසාදිතයන් හමුවුණු නගර සහ පළාත් මුළුමනින්ම වසා දමා ඇති අතර, මිලියන ගණනක් චීන වැසියෝ මේ වනවිට එම නගර සහ පළාත්වල කොටුවී ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ලොක්ඩවුන් කෙරුණු නගරවල සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කර තිබෙනවා

චීනයේ ‘ඩෙල්ටා’ ව්‍යාප්තිය ආරම්භ වූයේ නැංජිංග් නගරයේ ගුවන්තොටුපොළකින් බවත් මුල්ම ඩෙල්ටා ආසාදිත කොරෝනා රෝගීන් ලෙස හඳුනා ගැනීම සිදුවූයේ ගුවන්තොටුපොළේ පිරිසුදු කිරීමේ සේවිකාවන් පිරිසකාගෙන් බවත් සඳහන්.

නැංජිංග් නගරයෙන් ව්‍යාප්ත වුණු ‘ඩෙල්ටා’ විකෘතිය හේතුවෙන් මේ වනවිට, දින 10 ක් ඇතුළත චීනයෙන් වාර්තා වන නව දේශීය ආසාදිතයන් ගණන 360 ක් බවත් රොයිටර් පුවත් සඳහන් කර තිබෙනවා.

  1. ලෝකයට වූහාන් නගරයෙන් කොරොනා එන්න කලින් එය ප්‍රන්සයෙ සහ ඇමරිකාවෙ සොයා ගෙන තිබෙ , නමුත් එවා අද වන විට වසන් කර එය චීනය මත පටවන්නට බටහිර ලෝකය මහත් වෑයමක යෙදී ඉන්නවා, කෙසෙ උනත් කොරොනා වලින් ආර්තික වාසිය ලෙබුනෙ ඇමරීකාව බිග් ෆාර්මා අයිති කරුවන්ට , දෙන් වන විට ඩොලර බිලියන 200 ඉක්මවා එ අයගෙ වයිරස් එන්නත ලෝකය පුරා විකුනා හමාරය , ඊට අමතරව බටහිර රටවල් එම එනනත් හැර වෙන එන්නත් වලට ඉදිරියට ඒමට හෝ එම එන්නත් යුරොපයට හෝ ඇමරිකාවට ගෙන්වීම නොකරයි , එසෙ කරන්නෙ ඔවුන් සියල්ල මෙ වයිරසයට සම්බන්ද කමක් තියෙන නිසා වෙන්න පුලුවන්