රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවෙසේදී සිරුරට ගිනි ඇවිළී මියගිය 16 හැවිරිදි දැරිය නවාතැන් ගෙන සිටි කුඩා කාමරයේ බිත්තියේ ලියා ඇති බව කියන “මගේ මරණයට හේතුව“ යන වැකිය ඊයේ (02) බදියුදීන්ගේ නිවෙසට ගිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි පරීක්ෂාවට ලක්කළ බව වාර්තා වනවා.
එම වැකිය දෙමළ අදහසින් ඉංග්‍රීසියෙන් ලියා තිබෙනවා.
පෑනකින් ලියා තිබූ බව කියන එම වැකිය දැරිය විසින් ලියූ එකක්ද? එසේත් නොමැති නම් දැරිය පිලිස්සී මියයෑමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු නොමඟ යැවීම සඳහා සිදුකළ ක්‍රියාවක්ද? යන්න තහවුරු කරගැනීම සඳහා රජයේ රස පරීක්ෂක නිලධාරීන් එම ස්ථානයට කැඳවූ අතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ද ඊට සහාය වුණා.














69 ලක්ෂයම අන්දවපු ආකාරයට ඒ දැරිවි ලියුලෙස මුන් POLICE ත් අන්දවන්න ගහපු GAME 1ක්….
මෙක නඩුව උඩු යටිකුරු කිරීමට රිෂාර්ඩ් සහ පොලීසියත් , රජයෙ යම් බලවතුන් කරනා නාටකයක් , අන්තිමට එම දැරිය විසිම්ම මිය යාමට ගිනි තබා ගත්තා, සහ එම දැරිය විසිම්ම ලින්ගික අතවරය ඉල්ලා කරවා ගත්තා කියා නඩුවත් ඉවර වෙයි , ලන්කාවෙ පොලීසියත් නඩු කාරයොත් සල්ලි වලට උසාවිය නීතිය දෙකට නමනවා අපි දෙක තියෙනවා, මෙවෙනි රටක ඉපදීමත් කරුමයක් ලෙස සිතමි ;
මැරෙන්න හේතුව ලියල තියන්න තරම් තේරුමක් තිබුනා නම් ඇයට ඔය කාලකන්නින්ගෙන් මිදී පැනයන්න තිබුනා, පට්ට බොරු