කුඩා දරුවන්ට කොරෝනා ආසාදනයවිමේ වැඩි ප්‍රවනතාවක්

කොවිඩ් ආසාදිතයන් වැඩිවීමට සාපේක්ෂව කුඩා ළමයින්ට කොවිඩ් ආසාදිත වීමේ ප්‍රතිශතයේ වැඩිවීමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

කුඩා ළමයින්ට විශේෂඥ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරත්ද ඔවුන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වන බවද හෙතෙම සඳහන් කළේය. ඊයේ (2) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ කුඩා ළමයින් කොවිඩ් ආසාදනය වීමේදී ඇතිවන රෝග ලක්ෂණ පිළිබඳ පැහැකිලි තහවුරු කිරීමක් මෙතෙක් නොමැති බවත් ඒ පිළිබඳව අධ්‍යයනය කරන බවත්ය.

එ​සේම මෙහිදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ කුඩා දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා අවශ්‍ය දත්ත පිළිබඳ මේ දිනවල සමාලෝචනයක් සිදුකරන බවය.

වරුණි පෙරමුණ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?