කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද (02) දිනයේදීත් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙනවා. මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබන 06 වන දින දක්වා ලබාගත හැකි එන්නත් මධ්‍යස්ථාන පිළිබඳ විස්තර ඇතුළත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද (02) දිනයේ දී බත්තරමුල්ල – දියත උයන පරිශ්‍රයේ දී සහ විහාර මහා දේවී උද්‍යානයේ දී පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා බත්තරමුල්ල දියත උයන එන්නත් මධ්‍යස්ථානය අද (02) දිනයේ සිට අගෝස්තු 04 වැනිදා දක්වා පැය 24 පුරා විවෘත බව වාර්තා වනවා.
මේ අතර අද (02) දිනයේ දිවයින පුරා ක්‍රියාත්මකවන කොවිඩ් මර්දන එන්නත්කරණ මධ්‍යස්ථාන පිළිබඳ විස්තර පහතින්.
එන්නත්කරණය සිදුකෙරෙන මධ්‍යස්ථාන මෙතැනින්..




