ගුරු සහ විදුහල්පති සංගම්වලින් සේවයට වාර්තා නොකිරීමේ තීරණයක්

දිවයින පුරා සියලු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ද අද (02) සිය රාජකාරී සඳහා වාර්තා කළ යුතුය.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව අද සිට දිවයින පුරා සියලු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ද සේවයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දැනුම්දී තිබේ.

සියලු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් සහ කාර්යමණ්ඩල ද සියලුම පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලය ද අද සේවයට වාර්තා කළ යුතු බවද අධ්‍යාපන ලේකම්වරයා දැනුම්දී ඇත.

කෙසේවෙතත් ගුරු විදුහල්පති වෘත්තිය සමිති අද දිනයේ සේවයට වාර්තා නොකිරිමට තීරණය කර තිබේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ සිය වෘත්තිය සිමිති තීරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව දැනුවත් කර ඇති බවය.

“දැනටමත් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයක ඉන්නේ. ඒ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව යන තත්ත්වයක තමයි මේ නිවේදනය දාලා තියෙන්නේ. අද දිනයේ පාසල්වලට සම්බන්ධ වෙන්න එපා කියලා අපි පැහැදිලිව කියලා තියෙන්නේ. හෙට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් අපි කොළඹට රථ පෙළපාලියකින් ගමන් කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15