ලෝකය හමුවේ ශ්‍රී ලාංකේය නම ඔසවා තැබු නිපුනි කරුණාරත්න

ලොව සුපතළ ගුවන්යානා එන්ජින් නිෂ්පාදන සමාගමක් වන “රෝල්ස් රොයිස්” සමාගමේ සේවය කරන ශ්‍රී ලාංකික ඉංජිනේරු නිපුනි කරුණාරත්න අද (01) උදෑසන සංවාදයට එක්විය.

එය ඇය සහභාගී වූ පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවයි.

එහිදී ඇය පැවසුවේ මෙරට තරුණ තරුණියන්ට ගෝලීය වශයෙන් ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සැළසීමේ සමාගමක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම සිය ප්‍රධාන අරමුණ බවය.

නිපුනි කරුණාරත්න අභ්‍යාවකාශ ඉංජිනේරුවරියක් ලෙස අද ලෝකය හමුවේ ශ්‍රී ලාංකේය නම ඔසවා තබා අවසන්.

ඇය මේවන විට සේවය කරනු ලබන්නේ ලොව අංක එකේ ගුවන්යානා එන්ජින් නිෂ්පාදන සමාගමක් වන එංගලන්තයේ පිහිටි “රෝල්ස් රොයිස්” සමාගමේ ඩිජිටල් ටෙක්නොලජි මොඩ්ල් ෆැක්ට්රි කළමණාකාරිනියක් ලෙසය.

2015 වසරේදී ඉංජිනේරුවරියක් ලෙස “රෝල්ස් රොයිස්” සමාගමට එක්වන ඇය එම සමාගම් ඉතිහාසය තුළ ඩිජිටල් ටෙක්නොලජි මොඩ්ල් ෆැක්ටරි කලමණාකාරිනි තනතුරට පත් ළාබාලතම තැනැත්තියද වනවා.

“මට ආසාව තිබුණේ නාසා හරි රෝල්ස් රෝයිස් හරි යන්න තමයි. නාසා එකට යන්න අමාරුයි මම US නෙමෙයි නේ ඉගෙන ගත්තේ.  රෝස් රෝල්ස් පැත්ත මට හීනයක් වගේ තිබුණේ. සාමාන්‍ය ක්‍රමවේදය යටතේ අයඳුම් කළා. ඒකට ඕන කෙනෙකුට ඉල්ලුම් කරන්න පුළුවන්. ලක්ෂ ගාණක් තිබුණා ඉල්ලුම් පත්‍ර. 180ක් වගේ තමා උපාධිධාරින්ව බඳවා ගත්තේ.”

රද්දොළුගම ගනේපොල උපත ලබන ඇය මූලික අධ්‍යාපනය ලබන්නේ කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයෙන් වන අතර අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයේ බෘෘනල් විශ්වවිද්‍යාලයට ඇය ඇතුළත් වනවා. 

මේ වනවිට ඇයගේ ප‍්‍රධානත්වයෙන් යුත් ඉංජිනේරු කණ්ඩායමක් කෘතිම බුද්ධිය සහිත ගුවන් යානා එන්ජින් ලෝකයට හඳුන්වාදීම ව්‍යාපෘතියකද ඇය නිරතවනවා.

ඇමරිකාවේ ඇට්ලන්ටා හි පිහිටි ලොව විශාලතම ගුවන් යානා එන්ජින් අලූත්වැඩියා මධ්‍යස්ථානය ඉදිකොට ඇත්තේ ඇය විසින් ලබාදුන් නායකත්වය සහ තාක්ෂණික උපදෙස් මතය.

“මම නායකත්වය දුන්නේ ඉංජිනේරු අංශයෙන්. එය ලෝකයේ විශාලතම නඩත්තු අංගණය විදියට “රෝල්ස් රොයිස්” සමාගමෙන් සෙටප් කරා. මට ඕන වුණේ පොඩි කාලේ ඉදලම ලංකාවට ඇවිල්ලා ලංකාවේ වැඩ කරන්න. ලංකාවට දෙයක් කරන්න. මෙරට තරුණ සිසුන්ට අවස්ථාව දෙන්න ඕන වුණා. ඒකේ ශාඛාවක් තමා හදන්නේ. දැනටම වැඩ පටන්ගෙන තියෙන්නේ.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13