ඩෙල්ටා වෛරසය මාරාන්තිකයි.. එළියට ආ රහසිගත වාර්තාව මෙන්න

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය අනෙකුත් සියලු වෛරස අභිබවා දැඩි රෝගාබාධ තත්ත්වයන් ඇති කළ හැකි බවත්, පැපොල රෝගය මෙන් පහසුවෙන් පැතිරිය හැකි බවත්, අමෙරිකානු වසංගත රෝග පාලන ආයතනයේ වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. ප්‍රසිද්ධියට පත් නොකළ එම වාර්තාවේ පිටපතක් නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ලැබී ඇති අතර, එහි දැක්වෙන්නේ පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ගෙන් පවා එන්නත් නොකළ පුද්ගලයින් සේම වෛරසය පැතිරවීමට හැකියාවක් ඇති බවයි.


එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ගේ පවා නාස් කුහර සහ උගුරේ සමාන වෛරස් ප්‍රමාණයක් පැවතිය හැකිවීම ඊට හේතුව බව අමෙරිකානු සී.ඩී.සී. ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය රොචෙල් වැලැන්ස්කි ඉදිරිපත් කර ඇති එම වාර්තාවේ දැක්වෙනවා. 

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මර්ස්, සාර්ස්, එබෝලා, වසූරිය සහ සාමාන්‍ය ප්‍රතිශ්‍යාවටත් වඩා සම්ප්‍රේෂණ හැකියාවකින් යුක්ත බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ. බී එක 617 දෙක ලෙස නම් කෙරුණු මුල්වරට ඉන්දියාවෙන් සොයාගත් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය දරුණු රෝගාබාධ තත්ත්වයක් ඇති කරන නිසා වෛරසයට එරෙහි සටන වෙනස් වී ඇති බවයි අමෙරිකානු අභ්‍යන්තර වාර්තාවේ සඳහන් කර ඇත්තේ. පූර්ණ එන්නත්කරණය ලැබූ අමෙරිකානුවන් අතරින් 35,000 කට පමණ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වී තිබූ බව වාර්තාවේ සඳහන් තවත් කරුණක්. කෙසේ නමුත්, එන්නත් මගින් කොරෝනා ආසාදනය නිසා ඇතිවන බරපතල රෝගාබාධ තත්ත්වය 90% ක් පමණ වළක්වන බවද එමඟින් අවධාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16