කොරෝනා වැඩිවීම ගැන ජනතාවට දැනුම් දීමක්

දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් ඇති බැවින් හැකි ඉක්මනින් එන්නත් ලබා ගැනීමට කටයුතු කරන්නැයි යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සියලු පාර්ශවයන්ට දැනුම් දෙනවා.

යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ නිරෝධායන රීති ආරක්ෂා කිරීම ද අතිශය වැදගත් බවයි.

මේවනවිට කොරෝනා ආසාදිතව මියගොස් ඇති බහුතරය කොරෝනා මර්දන එන්නත් ලබා නොගත් පිරිස බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ.

https://soundcloud.com/user-941143724/army-commander-7

ඇතැම් පිරිස් එන්නත් ලබා ගැනීම තවදුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන්නේ.

ඒ අනුව එන්නත ලබා ගැනීම අනිවාර්යය කිරීමට නීති ගෙන ඒමේ සූදානමක් තිබේද? මේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග.

https://soundcloud.com/user-941143724/weerathunga-03
පෞද්ගලික බස් හිමියන් ද මීට පෙර රජයෙන් ඉල්ලා සිටියේ එන්නත් 02 ම ලබාගත් පුද්ගලයින් පමණක් බස්රථවල ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?