පෙම්වතිය එක්ක පෙම්සුව විඳින්න ආපු පෙම්වතා පැය හතක් ඇඳක් යට

පියා නගරයේ බැංකු කටයුත්තකට ගිය අවස්ථාවේ දී හොර රහසේ පෙම්වතා කැඳවාගෙන පෙම් සුව විඳිමින් සිටියදී පියා නිවෙසට පැමිණීමෙන් එළියට පැන ගත නොහැකිව පැය හතක පමණ කාලයක් පෙම්වතියගේ ඇඳ යට සිට ඇතැයි කියන තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල සබරගමුව පළාතෙන් වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු 22 හැවිරිදි තරුණයෙකි. මෙම තරුණයා මාස කිහිපයක සිට 19 හැවිරිදි තරුණියක සමග දෙපැත්තේම මව්පියන්ට හොර රහසේ ආදර සම්බන්ධකමක් පවත්වා ගෙන යයි.

මෙම 19 හැවිරිදි තරුණියගේ එකම සහෝදරයා යුද හමුදාවේ රැකියාවක් කරයි. මව ඇඟලුම් සේවිකාවකි. පියා කුලී වැඩ කරන්නෙකි.

තරුණිය මීට මාස හතකට පමණ පෙර බස් රථයකට ගොඩ වී ඇත්තේ නිවස බලා පැමිණිමටය. බස් රථයේ අසුනක හිඳගෙන නිවස බලා පැමිණීමට සූදානමින් සිටින අවස්ථාවේ දී තරමක් කඩවසම් තරුණයෙක් ද බස් රථයට පැමිණ තරුණිය අසල වූ අසුනේ හිඳ ගත්තේය.

බස් රථය ගමන් ආරම්භ කරමින් ධාවනයට එක් කළ අවස්ථාවේ දී තරුණයා තරුණිය සමග ආ ගිය තොරතුරු කතා බහ කොට දෙදෙනා අතර යම්තාක් දුරට හිතවත්කමක් ගොඩ නගා ගත්තේය.

තරුණයා බසයෙන් බැස ගැනීමට පෙර සිය දුරකථන අංකය කොළ කැබැල්ලක ලියා තරුණියගේ අතට දුන්නේය. පසුව තරුණිය දුරකථන අංකය ගෙන කතා බහ කොට දැන හැඳිනගෙන දැනට මාස හතක පෙම් සුව විඳින තරුණ පෙම් යුවළක්ය. මෙම පෙම් යුවළ පවත්වාගෙන යන ආදර සම්බන්ධතාව පිළිබඳ දෙපැත්තේම මව්පියෝ කිසිවක් දැන නොසිටියහ.

ඉකුත් සඳුදා තරුණියගේ මව ඇඟලුම් ආයතනයේ රැකියාවට පාන්දරින්ම පිටත්ව ගියාය. පියා ද එදින නගරයේ බැංකුවකට යන බව කල්තියා තරුණිය දැන ගත්තාය.

සිය මවත් පියාත් පෙරවරුවේ නිවෙසේ නොමැති බවත් වේලාවක් කලාවක් තියෙනවා තමා සමග කතා බහ කර සිටීමට සිය නිවෙසට පැමිණෙන ලෙසත් තරුණිය තරුණයාට ඉරිදා දුරකතනයෙන් ආරාධනාවක් කළාය.

ආරාධනාව පිළිගත් තරුණයා පෙරවරු 10 ට පමණ තරුණියගේ නිවෙසට ප්‍රථම වතාවට ගියේ රුපියල් 100 ක් වටිනා චොකලට් එකකුත් රැගෙනය. දෙදෙනා තරුණියගේ කාමරයේ පෙම් සුව විඳිමින් සිටින අවස්ථාවේ දී තරුණියගේ පියා බැංකු රාජකාරි කටයුතු හනික අවසන් කොට පෙරවරු 11.10 ට පමණ නිවෙසට පැමිණියේ දියණියට කතා ක⁣රමින්ය.

තරුණයාටත් තරුණියටත් කර කියා ගත හැකි දෙයක් නොවීය. සිය පෙම්වතා ආරක්ෂා කර ආපසු නිවෙසින් පිට කළ යුතු බව දැන ගත් තරුණ පෙම්වතිය පියා යළි නිවෙසින් මොනයම් හෝ කාරණාවකට එළියට බැස යන තෙක් සිය පෙම්වතා හනික ඇඳ යටට තල්ලු‍ කළාය.

ඇඳ යට තිබූ දූවිලි මකුළු දැල් තරුණයාගේ ඇඳුම් පැලඳුම්වලත් මුහුණ අත පයෙත් තැවරුණේය. හදිසියේ කිවිසුමක් කිහිපයක් පිට කරන්නට සිදු වුවත් තරුණයා එයත් ඉතාමත් අපහසුවෙන් තදකර නතර කරගෙන ඇඳ යට සිටින්නට විය.

දහවල් 12 ට පමණ තේ කෝප්පයක් සාදා තරුණියට කෑමට පියා ගෙනත් දී තිබු වඩේ ගෙඩියක් සමග ඇඳ යටට තල්ලු‍ කළාය. තරුණයා වඩේ ගෙඩියත් තේ කෝප්පයත් ඇඳ යට දී භුක්ති වින්දේ දැඩි අපහසුතා මධ්‍යයේය. පෙම්වතාට දහවල් කෑම පිළියෙල කර තිබුණද ඇද යට සිට කෑම ගැනීමට අපහසු නිසා තරුණිය තරුණයාට කෑම පිඟානක් නොදුන්නාය.

තරුණියගේ පියා සවස 5 ට පමණ මීටර් 300 පමණ ඈතින් පිහිටි ඔයට දිය නෑමට ගියේය. පසුව තරුණිය ඇඳ යට සිටින තරුණයාට කතා කොට පියා නාන්න ඔයට ගිය බව පැවසුවාය.

හනික ඇඳ යටින් එළියට ආ තරුණයා ඇඳ සිටි ඇඳුම් පැලඳුම්වල දූවිලි මෙන්ම මකුළු දැල් පිස දැමූ තරුණිය මිදුලට ගොස් නිවසේ දෙපස බලා තරුණයා නිවසින් පිටත් කර හැරියේ දවල්ට උයා තිබූ කෑමවලින් කොටසක් ඔතා දෙමිනි.

(කෑගල්ල අධිකරණ – චමින්ද වැවතැන්න)
ලංකාදීප

  1. චමින්ද වැවතැන්න ඔයා අධිකරණයේ වුනත් හොරෙන් කන්න ගිහිපු එක ඇත්ත නමුත් ඒ උණුසුම යන්න කලියෙන් සමාජ මාධය ඔස්සේ පලකීරිම ඔබගේ නාමයටද හොද නැත

  2. මෙතරම් සූක්ෂම සිදු වූ දෙයක් මෙලෙස boll by boll ඔහුට කීවේ…
    1,තරුණිය
    2,තරුණයා
    3,ඔහුත් එහි සිටියාද…?
    4,තරුණයා සිද්දිය ප්‍රසිද්ධ කළාද..?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15