රත්නපුර ප්‍රදේශයෙන් අතුරුදන් වූ දරුවාගේ ගමන් මාර්ගය ගැන ලැබුණ ඉඟිය මෙන්න

රත්නපුර ප්‍රදේශයෙන් අතුරුදන්වූ දරුවා ශ්‍රී පාද ප්‍රදේශයට පැමිණි ඇති බව අනාවරණය වීමත් සමඟ පොලිසිය ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය 26 වනදා රත්නපුර පළාබද්දල මාර්ගය ඔස්සේ දහවල් කාලයේදී ශ්‍රී පාදය තරණය කර ඇති අතර දහවල් 1ට පමණ ඔහු මළුවට පැමිණ ඇති බවයි මේ වනවිට වාර්තා වී ඇත්තේ.


ශ්‍රී පාද මළුවේ මුරකරු මෙම දරුවාගේ අසාමාන්‍ය හැසිරීම ගැන සැකසිතා ඔහුගෙන් ප්‍රශ්න කළ විට දරුවා පවසා ඇත්තේ තමන් නිවසට නොදන්වා ශ්‍රී පාදය තරණය කිරීම සඳහා පැමිණි බවයි. එවිට මේ දිනවල ශ්‍රී පාද සිද්ධස්ථානය වසා ඇති බැවින් එතුළට ගොස් වන්දනා කිරීමේ අවස්තාවක් ලබාදිය නොහැකි බව ශ්‍රී පාදස්ථානයේ මුරකරු විසින් පවසා තිබෙනවා. මෙහිදී මුරකරු විසින් දරුවා ආගිය තැන් විමසන අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ තමන් මහරගම සිටින මිතුරෙකු මුණගැසීම සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටින බවයි. ඉන් පසුව හැටන් නල්ලතන්නි මාර්ගය ඔස්සේ ඔහු පහළට බැස ඇති අතර සවස 5 ට පමණ නල්ලතන්ණියට පැමිණ ඇති අතර ඉන් පසුව නැවතත් ඔහු අතුරුදන්ව තිබෙනවා. රත්නපුර පොලිසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ මේ දරුවා පසුගිය දිනවලදී ලංකාවේ මාර්ග සිතියමක් මිලදී ගැනීමට අවශ්‍ය බව නිවසට දන්වා ඇති බවයි. ඒ අනුව පොලිසිය සැකකරන්නේ මොහු යම්කිසි සැලැස්මකට අනුව නිවසින් පිටත්ව මාර්ග සිතියම භාවිත කරමින් ඔහුගේ මිතුරා මුණගැසීමට ගොස් ඇත්දැයි යන්නයි. එමෙන්ම ඔහු සන්තකයේ ඇති ජංගම දුරකතනයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද අදාල දුරකථන සමාගම සමඟ නිරන්තර සම්බන්ධයෙන් සිටින බවත් අදාළ උසස් පොලිස් නිලධාරියා හිරු ප්‍රවෘත්ති අංශය වෙත ප්‍රකාශ කළේ. අදාළ සිසුවා රැගෙන ගොස් ඇති සිය සොහොයුරාගේ ජංගම දුරකථනයේ පෙර පැවති සිම් කාඩ්පතද ඔහු විසින් ඉවත් කර ඇති අතර දුරකථනයට අනන්‍ය වූ ඛේත අංකය ද පවුලේ සාමාජිකයන්ට සොයා ගැනීමට හැකි වී නැහැ. ඒ හේතුවෙන් අතුරුදන් වූ සිසුවා භාවිතා කරන ජංගම දුරකථනයේ සංඥා වාර්තා ලබා ගැනීමට ගැටලු සහගත වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඒ අනුව, ඔහු භාවිතා කරන දුරකථනයේ සංඛේත අංකය ලබා ගැනීම සඳහා එහි පෙර පැවති සිම් කාඩ්පත අයත් දුරකථන සමාගමේ සහය ලබා ගනිමින් සිටින බව පොලීසිය ප්‍රකාශ කළා.

 පසුගියදා මෙලෙස අතුරුදන් වුණේ රත්නපුර – බටුහේන ප්‍රදේශයේ පදිංචි නුවන්ත ලක්ෂාන් අබේරත්න නැමැති රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්. ඔහු පොලිස් සැරයන්වරයෙකුගේ පුත්‍රයෙකු බවද සඳහන්. අදාළ සිසුවා පසුගිය 24 වන සෙනසුරාදා රාත්‍රියේ සිය වැඩිමහල් සොහොයුරා සමග නින්දට ගොස් ඇති අතර පසුව තම ඇදුම් බෑගය, සිය සොහොයුරාගේ ජංගම දුරකථනය සහ රුපියල් 20,000 ක මුදලක් ද රැගෙන නිවසෙන් පිටත්ව ගොස් තිබුණා. අදාළ ප්‍රදේශයේ සිදුකල CCTV දත්ත පරීක්ෂා කිරීම් වලදී අදාල සිසුවා අලුයම් කාලයේ තනිවම මාර්ගයේ ගමන් කරන ආකාරය නිරීක්ෂණය වී තිබුණා. ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් ලගම ඇති පොලීසියට දැනුම් දෙන ලෙසටයි පොලීසිය මහජනතාවට දැනුම් දී සිටින්නේ. දරුවා නිවසින් පිටත්ව යන අයුරු දැක්වෙන CCTV දර්ශන පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15