AFC Banner
Empty Ad
Empty Ad

මෙරටින් තවත් කොවිඩ් මරණ 66ක්

ශ්‍රී ලංකාවේ සිදුවූ තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 28 තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4324ක් ලෙසටයි.

මෙම මරණ අතර පිරිමි පුද්ගලයන් 41ක් සහ කාන්තාවන් 25ක් වනවා.
අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 12ක් සහ කාන්තාවන් 5ක් මියගිය පිරිස අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 29ක් සහ කාන්තාවන් 20ක් ද මියගිය 66 දෙනා අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, අද දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 479ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2329ක්.

මෙරටින් මේ දක්වා හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 304161ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?